(එස් .ඩි.කොඩිකාර )
සැක සහිත කැස්ස , උණ සහිත රෝගියකු අද (24) දෙනියාය මුලික රෝහලේ සිට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් අන්දවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගිලන් රථයකින් මාරු කර යැවූ බව දෙනියාය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කරන ඔහු (30) හැවිරිදි දෙනියාය ,ගින්නදීගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව සෞඛ්‍ය අංශ පවසයි.
අද (24) පෙරවරවේ උණට සහ කැස්සට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දෙනියාය මුලික රෝහලට මෙම හමුදා සෙබලා පැමිණ ඇති අතර පසුව බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු පරික්ෂා කිරීමෙන් අනතුරුව එම රෝගියා කරාපිටිය රෝහලට මාරුකර යවන ලෙස උපදෙස් ලබා දී ඇත.
කෙසේ වෙතත් කොටපොළ ප්‍රාදේශීය සභාව,කොටපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව අදාළ හමුදා සෙබලා වාසය කර නිවස සහ ඒ අවට ප්‍රදේශ විෂබීජහරණය සිදු කල බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසීය .
2025 නොවැම්බර් මස 17
59
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
උණ-කැස්ස සහිත සැක රෝගියකු දෙනියායෙන් කරාපිටියට