ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ද ඔවුන් ස්වයං-නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇතැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (2) ප්‍රකාශ කළේය.
71 හැවිරිදි වියේ පසුවන යාකෝව් ලිට්ස්මන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සමීපතමයකු වේ.
හෙතෙම කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට නිරන්තරයෙන් නවතම තොරතුරු ලබාදුන් අතර වයිරසයයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ද අග්‍රාමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.
පසුගිය සති කිහිපයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ දක්නට නොලැබුණු අතර ඒ වෙනුවට දිනපතා මාධ්‍ය හමුවලට එක්වූයේ ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ය.
සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සඳුඳා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබූ අතර ඔහුට වයිරසය ආසාදනය වී නැතැයි එහිදි අනාවරණය විය. කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ සහායකුට වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය.
ඒ.එෆ්.පී./ ද ගාඩියන්
055
2025 නොවැම්බර් මස 21
29
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
143
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
991
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඊශ්‍රායලයේ සෞඛ්‍ය අමාත්‍යවරයා - බිරිඳ ස්වයං නිරෝධායනයට