IMG-LOGO

2024 ජුලි මස 13 වන සෙනසුරාදා


ඉමදුව ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සිය අදහස් දැක්වීමේදී තමාට මෝඩයා යැයි ඇමතීම වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස ඉල්ලමින් ඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ (එජානිපෙ) මන්ත්‍රී ඒ.ජී අරුණ මහතා සභාවේ රැස්වීම් මේසය මත නැටී සිටිමින් විරෝධය පල කිරීම නිසා අද ( 05) දින පැවති ඉමදුව ප්‍රා දේශීය සභා රැස්වීම තුල උණුසුම් ස්වරූපයක් ඇතිවිය.

ඉමදුව ප්‍රාදේශීය සභා සභාපති ඒ.වී. සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රා දේශීය සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම පැවැත්වෙන අතර තුර අදහස් ප්‍රකාශ කිරීමේ දී පොදුජන පෙරමුණේ ප්‍රා දේශීය සභා මන්ත්‍රී අමරසේන ලියනපතිරණ මහතා මෙසේ තමන්ට මෝඩයා ලෙස ආමන්ත්‍රනය කල බවත් , දළු අදින මන්ත්‍රී මෝඩයා ලෙස තමන්ට අපහාස කර බවත් වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර යුතු බවත් පවසමින් මෙසේ රැස්වීම් මේසය උඩ නඟිමින් ඒ.ජී.අරුණ මන්ත්‍රීවරයා සිය විරෝධය ප්‍රකාශ කලේය.

කෙසේ නමුත් පොදුජන පෙරමුණ මන්ත්‍රී අමරසේන ලියනපතිරණ මහතා එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමට එකඟ නොවීම නිසා සභාව තුල ඇතිවූයේ දැඩි උණුසුම් තත්වයකි.

පසුව ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී.සරත් කුමාර මහතා අරුණ මන්ත්‍රීවරයා රැස්වීම් මේසයෙන් බැස්සවීම සදහා කිහිප විටක්ම උත්සාහ කරද එම තත්වය අසාර්ථක විය.

කෙසේ නමුත් පසුව ඉමදුව ප්‍රා දේශීය සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා සභාවේ මූලාසනයේ සිටිය දීම ඉමදුව ප්‍රා දේශීය සභාවේ උප සභාපති ජේ.කේ.ඩී. ජයවික්‍රම මහතා (ශ්‍රීලංපොජපෙ) මැදිහත් වී අමරසේන ලියනපතිරණ මන්ත්‍රීවරය වෙනුවෙන් තමා සමාව ඉල්ලා සිටින බවත් එම නිසා රැස්වීම් මේසයෙන් බැස සභාව පවත්වාගෙන යාමට සහය දෙන මෙන් ඉල්ලා සිටි අතර පසුව ඒ.ජී අරුණ මන්ත්‍රීවරයා රැස්වීමේ මේසයෙන් බැස සිය විරෝධතාවය අවසන් කරන ලදී.



අදහස් (2)

ඉමදුව ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

Prasad Tuesday, 05 May 2020 11:09 AM

ඔය වචනෙ හැටියට ගැලපෙන ඔය පැත්තේ පොහොට්ටු ලොක්කා...

:       54       215

කපුරුහාමි Tuesday, 05 May 2020 01:33 PM

ඇත්ත තිත්ත. කවුරු උනත් කියපු කතාව හරි. උත්තරීතර කියන පාර්ලිමේන්තුවේ කියන්නේ ඔයිට වැඩිය දේවල්.

:       7       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් 71 ක් මරුට
2024 ජුලි මස 13 528 2

ගාසා තිරයේ, ඛාන් යූනිස් නගරය අසල අල් මවාසී සරණාගත කඳවුර ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. එම ප්‍රහාරයෙන්, 71 දෙනකු මියගිය බවත්, 289 දෙනකු


ඉම්රාන්ගේ විවාහය නීතිවිරෝධි නැහැ
2024 ජුලි මස 13 630 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිර දඩුවම් විදිමින් සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විවාහය නීතිවිරෝධී නොවන බව එරට අධිකරණය තීන්දු කර ඇත.


අනුරාපුර පුරා විද්‍යා පරීක්ෂණ යුනිස්කෝවට
2024 ජුලි මස 13 443 3

අතීතයේ ප්‍රධාන වෙළෙඳ සහ ආර්ථික මධ්‍යස්ථානයක්ව පැවති අනුරාධපුරය නැවත ලෝක ප්‍රසිද්ධ නගරයක් බවට පත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධි


බදුර්දින් කරුවලගස්වැවදී අනතුරක
2024 ජුලි මස 13 1761 6

හිටපු අමාත්‍ය හා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු සමස්ථ ලංකා මුස්ලීම් කොන්ග්‍රස් පක්ෂයෙ නායක මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතා ගමන් ගනිමන් තිබු සුඛෝපභෝ


අගවිනිසුරුගෙන් කතානායකට ලිපියක්
2024 ජුලි මස 13 2204 5

පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අ


කහව සිට කුමාරකන්ද අතර වාහන ගමනාගමනය සීමා කෙරේ
2024 ජුලි මස 13 504 0

තෙල්වත්ත තොටගමුවේ රන්පත් විහාරස්ථ වාර්ෂික මිහිඳු පෙරහැර ගමන් කිරීම සඳහා අද (13) දින පස්වරු 1.00 සිට ගාලු කොළඹ මාර්ගයේ කොටසක් භාවිතා කරන බැවින් වාහන ගමනාග


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 902 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1785 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3744 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site