IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ඉන්සියුලින් තොගයක් එයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ විනීතා ගමගේ)

ශ්‍රී ලංකාවේ සිටින දහස් ගණනක් වූ දියවැඩියා රෝගීන්ට සැනසුම් සුසුම් හෙළීමේ අවස්ථාව උදාකරමින් ඉන්සියුලින් රැගත් නෞකාවක් අද (15 වැනිදා) කොළඹ වරායට පැමිණ තිබේ. මෙම නෞකාව අද දිනයේ කොළඹ වරායට පැමිණි බව සෞඛ්‍ය අමාතංශයේ, සැපයීම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් තහවුරු කරන ලදි.

මෙම නෞකාව පසුගිය 12 වැනිදා කොළඹට පැමිණීමට නියමිතව තිබුණද දේශගුණික බලපෑම් හේතුවෙන් එය දින කිහිපයක් ප්‍රමාද වූ බවත් ඉන්සියුලින් ඇතුළු අත්‍යාවශ්‍ය ඖෂධ ඉතාමත් ඉක්මනින් දිවයින පුරා රෝහල් වෙත බෙදාහරින බවත් වෛද්‍ය වික්‍රමනායක මහතා වැඩිදුරටත් පැවසීය.

දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඉන්සියුලින් ඖෂධය ඇතුළු සමාජයේ බහුලව පවතින බෝ නොවන රෝග රැසකට අත්‍යවශ්‍ය ඖෂධ රැසක හිඟයක් දිවයින පුරා රෝහල්වල පැවතීමෙන් එම රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක් වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය. අධික රුධිර පීඩන රෝගීන්ට ලබා දෙන ‘ලොසාර්ටන්‘ නම් ඖෂධය, හෘදයාබාධ ඇති රෝගීන්ට ළඟ තබාගැනීමට දෙන ‘අයි.එස්.ඩී.එන්.‘ නම් ඖෂධය ඇතුළු තවත් ඖෂධ රැසක් හිඟයක් පවතින බවත් එම නිලධාරියා වැඩිදුරටත් කීවේය.

දියවැඩියා රෝගීන්ට දෙනු ලබන ඉන්සියුලින් මිලි ලීටර 10 කුප්පි වල විශාල හිඟයක් රට පුරාම පවතින බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කලුතර දිස්ත්‍රික්කයේ පමණක් ඉන්සියුලින් ඖෂධය ලබා ගන්නා රෝගීන් 8,000 කට අධික ප්‍රමාණයක් පානදුර, හොරණ, පිඹුර යන මූලික රෝහල් වල මෙන්ම කළුතර නාගොඩ මහ රෝහලේත් ලියා පදිංචි වී සිටින බව දැනගත හැකිවිය. ඒ සම්බන්ධයෙන් කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගෙන් කළ විමසීමකදී වෛද්‍ය රත්නායක මහතා මෙසේ පැවසීය.

“සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා ඖෂධ විධිමත්ව නිවෙස් වලටම බෙදා දීම සඳහා අපට තැපැල් දෙපාර්තමේන්තුවත්, අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් වගේම ග්‍රාමසේවා නිලධාරීන්ගේත් විශාල සහයෝගක් ලැබෙනවා. ඒත් බෝ නොවන රෝග සඳහා අවශ්‍ය සමහර බෙහෙත් වර්ග වල තදබල හිඟයක් පවතින නිසා මේ ඖෂධ බෙදාහැරීම සම්බන්ධයෙන් ගැටළු මතුවෙලා තියෙනවා.“

“විශේෂයෙන්ම ඉන්සියුලින් කියන ඖෂධය.... ඉන්සියුලින් ගන්නා දියවැඩියා රෝගියකුට වෙනත් පෙති වර්ග භාවිතා කරලා නියම ප්‍රතිඵලය ලබාගන්න බෑ. ඒ නිසා ඉන්සියුලින් ගන්නා රෝගීන්ට එක අත්‍යවශයි“

“අපට, ඒ කියන්නේ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අංශයට පමණක් මාසයකට ඉන්සියුලින් මිලි ලීටර් 10 

කුප්පි 4000 ක් විතර ඕනා.... මේ කියන්නේ කළුතර ප්‍රධාන රෝහල වන නාගොඩ මහ රෝහලේ රෝගීන් ඇතුළත් නැතිවයි.. රටේම තත්ත්වය මීට වඩා විශාල අගයක්.. ඒ නිසා මේ රෝගීන්ට අසරණ වෙන්න නොදී හැකි ඉක්මනින් ඉන්සියුලින් කුප්පි ගෙන්වා ගන්න අපි වෛද්‍ය සැපයුම් අංශයට දැනටමත් දැනුම් දීලා තියෙන්නේ“ යයිද වෛද්‍ය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ඉන්සියුලින් තොගයක් එයි

Nishan Thursday, 16 April 2020 11:18 PM

ඉන්සියුලින්වල විතරක් නෙවෙයි තවත් අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක හිගයක් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 981 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1033 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 407 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site