IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඉන්දියාවේ 93 හැවිරිදි පුද්ගයෙකු කොරෝනා වයිරසයෙන් සුවය ලබයි

ඉන්දියාවේ 93 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් පසු සුවය ලබා ඇතැයි එරට වෛද්‍යවරු පවසති.

ඔහු ඉන්දියාව් මෙතෙක් සුවය ලැබූ වයස්ගතම පුද්ගයා වන අතර ඔහුට දියවැඩියාව හා අධි රුධිර පීඩනය යන රෝග ද තිබී ඇත.

වෙනත් රෝග සහිත හා වයස්ගත පුද්ගලයන්ට කොරෝනා වයිරසය මාරාන්තික වන බව ලොව පුරා සිද්ධීන් අධ්‍යයනයේදී ඔප්පු වී ඇති බැවින් මෙවන් වයස්ගත පුද්ගලයෙකු සුවය ලැබීම පුදුමයට කරුණක් බව මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම පුද්ගලයා සමඟ ඔහුගේ බිරිඳ ද කොරොනා වෛරස ආසාදනයට ලක්ව ඇති අතර දෙදෙනාම මේ වනවිට සුවය ලබා ඇති බවත් තවත් දින කිහිපයකින් රෝහලෙන් මුදා හැරීමට හැකිවනු ඇති බවත් රෝහල් බලධාරීහු පවසති.

දකුණු කේරළ ප්‍රාන්තයේ ජීවත්වන මෙම යුවල ආසාදනයට ලක්ව ඇත්තේ ඉතාලියේ සිටි දියණිය හා බෑණා නිවසට පැමිණීමෙන් පසුව ය.

සති තුනකට පෙර ඔවුන් දෙදෙනා රෝහල් ගතකළ අවස්ථාවේ වෙන්වීමට සිදුවීම හේතුවෙන් නොසන්සුන්ව සිටි බව කොට්ටායම් ශික්ෂණ රෝහලේදී මෙම යුවලට ප්‍රතිකාර කළ වෛද්‍ය ආර්.පී. රෙන්ජින් පවසයි.

පසුව ඔවුන් දෙදෙනා වීදුරු කොටසකින් වෙන්කර ඇති එකලඟ පිහිටි කාමර දෙකකට දැමූ විට සතුටට පත්වූ බවත් වෛද්‍යවරයා පවසයි.

රෝහල් කාර්යමණ්ඩලයේ සියලුදෙනාගේ ආදරය හා සෙනෙහස දිනා ගැනීමට මෙම යුවළ සමත් වී තිබේ.

එම යුවළ සුවපත් වීම ඉන්දියාවේ මාධ්‍ය වල ප්‍රධාන පුවතක් බවට පත්වුණු අතර ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ද පැසසුමට ලක්වී තිබේ.

"ඉතාලි යුවල" ලෙස නම්කරනු ලැබූ දියණිය හා බෑණා ප්‍රදේශයෙන් සැඟව ගොස් සිටි නමුත් පසුව නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. 

කෙසේවුවද ඒ වනවිට එම පවුලේ තවත් සාමාජිකයින් කිහිපදෙනකුට ද වයිරසය ආසාදනය වී තිබුණු බව කේරළ බලධාරීහු පවසති.

ඉන්දියාවේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 1725 ක් වාර්තා වී ඇති අතර 54 දෙනකු මියගොස් තිබේ.

රෝගීන් 158 දෙනකු සුවය ලබා ඇත.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

ඉන්දියාවේ 93 හැවිරිදි පුද්ගයෙකු කොරෝනා වයිරසයෙන් සුවය ලබයි

chandima Wednesday, 01 April 2020 01:04 PM

ගව මුත්‍රා බොන එකට හිනාවුනාට එක වැඩකරනවා වගේ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site