IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දියාවේ මගී දුම්රිය ධාවනය මැයි 12 සිට

මඟී දුම්රිය ප්‍රවාහන සේවා මැයි 12 වැනිදා සිට ආරම්භ කිරීමට ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව දුම්රිය 15 බැගින් යොදාගනිමින් ක්‍රමයෙන් මඟී දුම්රිය ප්‍රවාහන සේවා ආරම්භ කරන බව ඉන්දීය දුම්රිය අමාත්‍යාංශය නිවේදනය කළේය.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඉන්දීය රජය පැනවූ ‘ලොක්ඩවුන්’ සීමා හේතුවෙන් එරට දුම්රිය සේවා ද නවතා දැමිණි. ඉන්දියාව ද මේ වනවිට වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ දැඩි ලොක්ඩවුන් සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

ඉහත කී දුම්රිය නවදිල්ලි දුම්රිය ස්ථානයෙන් ගමන් කරන බවත් විශේෂ දුම්රිය ලෙස ගමන් කරන බවත් දුම්රිය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.

නවදිල්ලි දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය දිබ්රුගාර්, අගර්තලා, හව්රා, පැට්නා, බිලාස්පූර්, රන්චි, බුවනේස්වර්, සෙකුන්දරාබාද්, බෙංගලරූ, චෙන්නායි, තිරුවනන්තපුරම්, මද්ගොවාන්, මුම්බායි (මධ්‍යම), අහ්මෙදාබාද් සහ ජම්මු තව්වි යන නගර වෙත ගමන් කිරීමට නියමිතය.

ඉන් අනතුරුව තවත් නගර වෙත විශේෂ දුම්රිය සේවා ආරම්භ කරන බවත් දුම්රිය අමාත්‍යාංශය සඳහන් කළේය.
ඉන්දියාවේ දුම්රිය මැදි 20,000ක ‘කොවිඩ්-19’ සුව සේවා මධ්‍යස්ථාන සඳහා වෙන් කෙරුණි. ඉතිරිව තිබෙන දුම්රිය මැදිරි අනුව විශේෂ දුම්රිය සේවා ආරම්භ කරන බව ද දුම්රිය අමාත්‍යාංශය සඳහන් කළේය.

දුම්රියේ ගමන් කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශපත්‍ර මිලදී ගත යුතු බව ද අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
වලංගු ප්‍රවේශපත්‍ර ඇති මඟීන්ට පමණක් දුම්රිය ස්ථානවලට ඇතුළුවීමට ඉඩ ලබාදෙන බවත් සාමාන්‍ය ගමන් ගාස්තු අය කරන බවත් දුම්රිය බලධාරීහු කීහ.

දුම්රිය ස්ථානවල කවුළුවලින් ප්‍රවේශපත්‍ර ලබා නොදෙන බව ද ඔවුහු පැවැසූහ.

දුම්රියේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය බවත් දුම්රියට ගොඩවීමට පෙර සියලුම මඟීන්ගේ උණ පරීක්ෂා කිරීමට ද බලධාරීහු කටයුතු යොදා ඇත.

ඉන්දියාවේ දුම්රිය මඟී ප්‍රවාහන සේවා මාර්තු 25 වැනිදා සිට නවතා දමා තිබිණි.
 
‘හින්දුස්තාන් ටයිම්ස්’

055



අදහස් (0)

ඉන්දියාවේ මගී දුම්රිය ධාවනය මැයි 12 සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site