නැගෙනහිර ඉන්දියාවේ රසායනික කම්හලක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තවත් 1000 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අද අලුයම සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය සඳහන් කළේය.
අනතුර හේතුවෙන් විශාඛපට්නම්හි වීදිවල කුඩා ළමුන් සහ කාන්තාවන් වැටී සිටි දර්ශන එරට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කර තිබුණි.
දකුණු කොරියානු සමාගමකට අයත් මෙම කම්හලේ කටයුතු කොරෝනා වයිරසයේ පැතිරීම හමුවේ ඉන්දියාව පැනවූ අගුලු දැමීමේ සීමා හේතුවෙන් අත්හිටුවා තිබුුණි. අනතුර සිදුවන අවස්ථාවේ නඩත්තු කටයුතු සඳහා පමණක් කම්හල් සේවකයින් කර්මාන්ත ශාලා පරිශ්‍රයේ රැඳී සිට ඇත.
කෙසේ වෙතත් කර්මාන්තශාලා බලධාරීන් පවසන්නේ දැන් තත්ත්වය පාලනය කර ඇති බවයි්
1984 වසරේ බෝපාල්හි විෂ වායු කාන්දු වීමෙන් සිදුවූ අනතුරෙන් පසු වාර්තා වූ ප්‍රබලම අනතුර ලෙස මෙය හැඳින්වේ.
(ඒඑෆ්පී ඇසුරෙනි)
-226-



2025 දෙසැම්බර් මස 18
92
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
944
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ කම්හලක විෂ වායු කාන්දුවකින් 6 ක් මරුට - 1000 රෝහලට