(හේමලතා ඩී හේවගේ)
දංකොටුව ප්රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්රාම සේවා වසම් 47 ක් තුළ ඉතාලියෙන් සහ වෙනත් විදේශ රටවලින් පැමිණි පුද්ගලයින්ගේ නිවෙස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අද (19) පරීක්ෂාවට ලක් කළේය.
ඔවුන් පරීක්ෂාකර කොරෝනා වයිරසය පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව නිවෙස් තුළදීම ස්වයං නිරෝධායනය කිරීමට උපදෙස් ලබාදීමද මෙහිදී සිදු කෙරිණි.
දකුණ හාල්දඩුවන , මැද කිරිමැටියාන , බටහිර දංකොටුව , නැගෙනහිර දංකොටුව , තම්බිවත්ත ඇතුඵ ග්රාම සේවා වසම් ආවරණය වන පරිදි ග්රාම නිලධාරීවරුන්ගේ සහභාගිත්වයෙන් පොලිස් ඇදිරී නීතිය පවතින අවස්ථාවේදීද මෙය ක්රියාත්මක කරනු ලැබීය.


COMMENTS
ලෝකේ කොහෙවත් වෙන්නේ නැති වැඩ තමා මේ රටේ වෙන්නේ
වෙන්නප්පුවේ අය ඉතාලියත් කාලා ලංකාවත් කනවා.
කට්ටිය කැටයම් වීදුරුවලින් පළතුරැ යුෂ බි බී, ඒසී කරපු වැසිකිලි වල හැංගිලා ඉන්න පුළුවන්.
ගෙවල්වලට යන අය අත් ආවරණ පැළඳගෙන යන්න. මුඛ ආවරණය පමණක් මදි. ඇස් නාසය ඇල්ලීමෙන් වලකින්න