IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ඇෆ්ගනිස්තානය නොමිලේ පාන් බෙදයි

 ‘නව කොරෝනා වයිරසය’ හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩපණ වීමත් මිල ගණන් ඉහළ යෑමත් නිසා සිය දහස් ගණනකට නොමිලේ ‘පාන්’ බෙදාදීමට ඇෆ්ගනිස්තාන ආණ්ඩුව අද (5) පියවර ගත්තේය.


එම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදාදීමට එරට බලධාරීහු ඊයේ කටයුතු කළහ. ඒ අනුව එක් දිනකදී ‘නාන්’ පාන් දහයක් එක පවුලකට ලැබේ.

මිල ගණන් ඉහළ ගිය අනෙක් ප්‍රදේශ හා නගරවලද නොමිලේ පාන් බෙදාදැමීම කඩිනමින් ආරම්භ කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්ගනිස්තාන ජනාධිපති මොහොමද් අෂ්රෆ් ඝානී පැවැසීය.

ඇෆ්ගනිස්තානය යනු ලොව දුප්පත්ම රටවලින් එකික. එරට ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙති.

යුද්ධයෙන් බැට කන ඇෆ්ගනිස්තානය, කොරෝනා වයිරසය දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයට ඉදිරිපත් කරන ලද වාර්තාවකින් අනතුරු අඟවා ඇත.

මේ අතර අද (5) පස්වරු 6.30 වනවිට ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,224ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 95ක් ලෙස දැක්විණි.

 

 

අල්ජසීරා
ඡායාරූප – රොයිටර්
055

 



අදහස් (3)

ඇෆ්ගනිස්තානය නොමිලේ පාන් බෙදයි

Champa Tuesday, 05 May 2020 03:25 PM

මෙහෙ නම් එහෙම නැහැ. බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට ආණ්ඩුව දෙන්නේ මත්පැන්. රුපියල් 5000ක් නොමිලේ දීල ගෙදර යන පාරේ තියෙන සුරාසල් ටික ඇරලා දෙනවා. මේ පාරත් මැයි 11 වෙද්දී ඒ දන්සැල විවෘත කරයි මම හිතන්නේ. චන්දෙ ගැනයි පාර්ලිමේන්තුව ගැනයි ජනාධිපතිවරයාට උපදෙස් දෙන මහා සංඝරත්නය, සුරාසැල් නැවත විවෘත කරන්න එපා කියල උපදෙස් දෙන්නේ නැත්තේ ඇයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. පස්වෙනි සිල් පදය නමට විතරයි. 1948 ඉඳන් 2020 දක්වා මේ අවුරුදු 72ටම සිංහල බෞද්ධ ආණ්ඩුවක් මේ රටේ ඇති වෙලා නැහැ.

:       2       11

chandima Tuesday, 05 May 2020 08:48 PM

කෝ අපිට ?

:       0       2

Samitha Senaka Aluthgamage. Wednesday, 06 May 2020 07:30 AM

අපට නම් දැන් කියවෙන්නේ... පාන්.... කියලයි.

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 456 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 461 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site