ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා වාර්තා වූ අතර එම ගණන 40,870ක් විය.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 2.475ක් දක්වා ඉහළ ගියේය .
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවකින් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යමින් තිබෙන අතර මේ තත්ත්වයත් සමඟ එරට කොරෝනා වයිරස කාර්ය සාධක බලකායේ රැස්වීමක් ද කැඳවා ඇත. නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' ගෝලීය වසංගතය මර්දනය කිරීම සඳහා ස්ථාපිත කළ එම කාර්ය සාධක බලකාය මාස දෙකකින් රැස්වී නැත.
"මේ වෙද්දි රට ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ " යැයි ඇමෙරිකාවේ බෝ වන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි පැවැසීය.
"රට ලොකු ප්‍රශ්නයක ඉන්නේ , අපි හැමෝටම වගකීමක් තියෙනවා , ඒ වගේම අනෙක් අය ගැනත් අපට වගකීමක් තියෙනවා. ඒක නිසා ජනතාව මේක හොඳින් සිහි තබාගන්න ඕනෑ. ඔබට තියෙන අවදානම ඔබ විතරක් නෙවෙයි හුදෙකලා වෙන්නේ" යැයි හෙතෙම කීය.
අල්ජසීරා/රොයිටර්ස්
055
COMMENTS
ට්‍රම්ප්පච්චි ඉන්නකන් බයවෙන්න දෙයක් නෑ.
කොරෝනා දෙවැනි රැල්ල කිව්වේ මේකටද මම දන්නේ නැහැ. කොහොම වුණත් කොරෝනා දැන් නැහැයි හෝ හොඳටම අඩුයි කියපු රටවලත් නැවත කොරෝනා රෝගීන් හමුවෙමින් පවතිනවා. හුඟක් රටවල් ක්‍රම ක්‍රමයෙන් විවෘත කරන්න පටන් ගත්තහම අලුත් ආසාදිතයන් හමුවෙලා තියෙනවා. ඇමරිකාව ගත්තොත්, කොරෝනා පළවෙනි රැල්ලෙන් ආසාදිත වුණු වැඩිම ප්‍රතිශතය වැඩිහිටි පරම්පරාව. නමුත් කොරෝනා දෙවෙනි රැල්ලෙන් ආසාදිත වෙලා තියෙන්නේ වැඩිපුර තරුණ පරම්පරාව. බොහෝදෙනා කියන්නේ මුඛ ආවරණ පළදින එක ලබන අවුරුද්ද දක්වාත් යයි කියලයි. ලංකාව ගත්තොත්, හොඳ වෙලාවට මිනිස්සු වහල් ආණ්ඩුවට විරුද්ධ වෙලා එම්සීසී ගිවිසුම අත්සන් කරන එක නතර කර ගත්තේ... එහෙම නොවුණා නම් ඇමරිකාවෙන් ලංකාවට එන හමුදා වලට ලංකාවේ ආගමන විගමන නීති, සිවිල් සහ අපරාධ නීති, විනිමය සහ මූල්‍ය නීති, ආරක්ෂක නීති, සෞඛ්‍ය නීති, මාර්ග නීති කොටින්ම කියනවා නම් ලංකාවේ නීති කිසිවක් බලපාන්නේ නැති නිසා, ලංකාවත් ඇමරිකාව වගේ ලෝකයේ වැඩිම කොරෝනා රෝගීන් විතරක් නෙමයි ලෝකයේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවත් වෙච්ච රට වෙන්න ඉඩ තිබුණා.