IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට  මරණ 51,017 ක් වාර්තා වී ඇතැයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.

මේ වන විට එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 890,524 කි.

ඒ අනුව ලොව වැඩිම කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට අමෙරිකාව වෙයි.

ගතවූ පැය 24 තුළ එරට සිදුවී ඇති මරණ සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇත.

වැඩිම මරණ සංඛ්‍යාව නිව්යෝක් නගරයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 16,646 ක් වේ.

කෙසේ වෙතත් වෛරසයට අදාළ කටයුතු වෙනුවෙන් පත් කර ඇති ධවල මන්දිරයේ කාර්ය සාධක බලකාය අවධාරණය කළේ අමෙරිකාවේ මරණ අනුපාතය බොහෝ යුරෝපීය රටවලට වඩා තවමත්  පහළ මට්ටමක පවතින බවයි.

මේ අතර ජෝර්ජියාව, ඇලස්කාව සහ ඔක්ලහොමා යන ප්‍රදේශවල ඇතැම් ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

අමෙරිකාවේ ජනගහනය මිලියන 330 ක් පමණ වන අතර එම සංඛ්‍යාව වෛරසයේ වැඩිම බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය හා ඉතාලිය වැනි රටවලට වඩා ඉතා ඉහළය.


-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (7)

ඇමෙරිකාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

Samitha Senaka Aluthgamage. Saturday, 25 April 2020 07:59 AM

ඇමෙරිකාවෙ උගතෙකුට මුදල් දී වයිරසය හදාගෙන චීනයට ගෙනගොස් වඩාත් බලවත් කළා... ඇමෙරිකානු පරිසරයේ නිපදවූ දෙයක් බැවින් එම වයිරසය ඇමෙරිකාවට කොරෝනා හානිය වැඩි වගෙයි පෙනෙන්නට තියෙන්නේ..

:       0       65

DasaSunday, 26 April 2020 12:52 AM

මෙන්න ට්‍රම්ප් මහත්තයටත් වඩා වෛරස් ගැන දන්න කෙනෙක්.

:       0       0

Nihal Saturday, 25 April 2020 10:45 AM

සියලු දෙනාටම නිවන් සුව පතමි....

:       0       0

Nihal Saturday, 25 April 2020 10:45 AM

සියලු දෙනාට නිවන් සුව පතමි...

:       0       0

Nihal Saturday, 25 April 2020 10:45 AM

සියලු දෙනාට නිවන් සුව පතමි.

:       0       1

Bamunuarachchi Saturday, 25 April 2020 04:30 PM

අරය ලොක්ක වුණා නම් ඇමරිකන් විදිහට කොරෝන නැතිකරන්න ගිහිල්ලා අපේ මරණ ගණන 50000 පන්නයි.

:       0       0

Sapumal. Sunday, 26 April 2020 10:39 AM

දාස චීනය ගැන නොදන්නවට හැමෝම ඒ බව දන්නවා

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site