ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සතියේදී තවත් කොරෝනා වයිරස කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරනු ඇතැයි වාර්තා වේ.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් ඇමෙරිකානු ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්වූ අතර රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමට ගත යුතු පියවර තීරණය කිරීම සඳහා නව කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම නව කොරෝනා වයිරස ආර්ථික කාර්ය සාධක බලකාය පෞද්ගලික අංශයේ සහ ට්‍රම්ප් පරිපාලනයේ ඉහළ පෙළේ සාමාජිකයන්ගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.
ඊට භාණ්ඩාගාර ලේකම් (මුදල් අමාත්‍ය) ස්ටීවන් මනුචින්, ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී මාර්ක් මෙඩෝව්ස්, ජාතික ආර්ථික උපදේශක ලැරී කුඩ්ලොව් එම කාර්ය සාධක බලකායට පත් කරනු ඇතැයි ට්‍රම්ප් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
‘ද වොෂින්ටන් පෝස්ට්’
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd