කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ශ්රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහාය වීමක් ලෙස කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියට ප්‍රදානයක් කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය එම පරිත්‍යාගය කළ අතර ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය වෙනුවෙන් එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා එම උපකරණ ආදිය ඇතුළත් පරිත්‍යාගය භාරගත්තේය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එම පරිත්‍යාගය කරන ලදි.
ඩියුපොන්ට් ටයිවෙක් ඕවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් අත්වැසුම්, බර වැඩවලදී යොදාගත හැකි අත්වැසුම්, බූට් ආවරණ සහ පිරිසුදුකාරක තොගයක් එම පරිත්‍යාගයට ඇතුළත් විය.
ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයේ ආරක්ෂාවට සහ ඔවුන් වයිරසය වැළැක්වීමට ගන්නා ක්‍රියාමාර්ගවලට එම උපකරණ යනාදිය භාවිත කෙරෙනු ඇත.
055

COMMENTS
මිතුරු තොමෝ දුක සැප දෙකෙහිම වේ පිහිට...
මේවා මේ ඇමෙරිකාවේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ. අපේ රණවිරුවන් දඩයම් කරනවා. හමුදාපතිට විසා දෙන්නෙත් නැහැ. එපා මේවා ගන්න.
ඇමෙරිකාව තමයි මේ වෛරසය නිර්මාණය කරලා ලෝකේ පුරා ව්‍යාප්ත කරේ. දැන් ඔවුන් හදලා තියෙන එන්නත විශාල මිලකට වෙළදපොලට නිකුත් කරන්න ලැස්ති. මේක මානව වර්ගයාට එරෙහිව කළ තුච්ච ක්‍රියාවක්.
අධි රාජ්‍ය වාදීන්ගේ උදවු අපිට එපා. රාජපක්ෂ ආණ්ඩුවක් නැතුව වෙන ආණ්ඩුවක් තිබුන නම්.
තෑන්ක්ස්. හැබැයි ගිවිසුම් නම් අත්සන් කරන්න බැහැ. අනික මේ ටික ගන්න යවන්න තිබ්බේ හමුදාපති ශවෙන්ද්‍ර මහත්තයව.
මේ ඇම්ඩන්ලා සත්භාවයෙන් රටකට උදව් කරත් ලෝකයේ වඩාත් වැදගත් රටවල්වලට එමරටවල පුරවැසියනේ, මෙම ඇම්ඩන්ලා දෙස සැකයෙන් බැලීම සක්කරයාටවත් වැළැක්විය නොහැකිය. ඒ තරමට මේ කෛරාටික පිරිසක්...