ඉන්දිකා රාමනායක
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා ඉකුත් (20) සිට පනවා තිබු ඇදිරිනීතිය උල්ලඝනය කළ 7619 දෙනෙක් අද (31) දහවල් වනවිට දිවයින පුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම කාලය තුළ වාහන 1864 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මාර්තු 31 දින පෙරවරු 6.00 සිට දින දහවල් 12.00 දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 261 දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන ද 96 ක් අත්අඩංගුවට ගත් බවද පොලිස් පවසයි.
මේ අතර ඇදිරිනීතිය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනිම සදහා කොළඹ නගරය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඇදිරිනීතිය කඩකල පුද්ගලයන් 195 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 110 ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය බාරයට ගත් මෙම සියලූ වාහන කොරෝනා වසංගතය අවසන් වනතුරු මුදා නොහරින බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇඳිරි නීතිය කඩකළ 7619 ක් දැලේ