(ඉන්දිකා රාමනායක)
දිවයිනටම ඇඳිරි නීතිය පනවා තිබියදීත් එම නීතිය කඩකරමින් හැසිරෙන හා මාර්ගවල වාහනවලින් ගමන් ගන්නා පුද්ගලයන්ට පොලීසිය කිසිදු අනුකම්පාවක් නොදක්වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නීතිය කඩන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියා කිරීම සඳහා 45,000 කට ආසන්න පොලිස් පිරිසක් දිවයින පුරා යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
සියලු පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද අජිත් රෝහණ මහතා පැවසීය.
වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගේ වාහන පොලිසිය බාරයට ගන්නා බවත් එම වාහන වල හිමිකරුවන්ට එරෙහිව ද නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
COMMENTS
අනිවාර්යයෙන්ම තරාතිරමක් නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. නැතිනම් ලංකාවේ ඉන්න සමහර ආත්මාර්ථකාමී මිනිස්සුන්ට මේ අවධානම තේරුම්ගන්නේ නැහැ.
කලිෆොර්නියවෙත් සියලුදෙනාටම තමන්ගේ නිවෙස්වල රැදෙන්න කියා අණකර තිබෙනවා.