(එච්. චන්දන )
ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී යාච්ඥා මෙහෙයකට සහභාගි වූ බව කියන 06 දෙනෙකුව අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බව දංකොටුව පොලීසිය කියයි.
ඊයේ (04) වැනිදා සවස දංකොටුව - මෝරුක්කුලිය ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් 6 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
දංකොටුව - මෝරුක්කුලිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වා ගෙන යන යාඥා මධ්‍යස්ථානයක් තුළ කිසියම් පිරිසක් ආගමික කටයුතු වල නිරත වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තොරතුරු ලැබී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ බව දංකොටුව පොලිසියට දැණුම් දී පසුව වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇති පිරිස අතර යාච්ඥා මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය දේව ගැතිවරයා , ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනා සහ පිටස්තර පුද්ගලයෙකුද වන බව පොලිසිය කියයි.
සැකකරුවන් සහ සැකකාරියන්ට එරෙහිව මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව ඇත.
COMMENTS
බලන් යනකොට ගෙදර කට්ටියනේ
තනි තනිව යාච්ඥා කරන්නට බැරිද? රටේ නීතිය රැක්කොත් දෙවියන්ගේ නීතිය ඉබේම රැකෙනවා.
තනි තනිව යාච්ඥා කලොත් ඔය අයට ලැබෙන සම්තින්ග් එක නැතිවෙනවානේ
දෙවියන් වහන්සේ මාර්කට් කරන එක තරම් ලාබ ලබන වෙනත් ව්‍යාපාරයක් ලෝකේ කොහෙවත් නැහැ ! ඔය ඔක්කොම දගලන්නේ ඕවාට තමා!
එතකොට පවුලේ කට්ටියනේ වැඩේ කරල තියන්නෙ... මේ කාලයතුල කිතුනුවන්ට විරුද්ධ අයත් හීනියට වාසි ගන්නවා මට පේන්නෙ
ඇත්තටම මේ අය තේරුම් ගන්නේ කවදද මේ ලෝකේ පවතින්නේ නොදැක්ක බොරු දෙවියෙක් මත නෙමෙයි වැඩ කරන මිනිසුන් මතයි කියලා
පන්සලේ හාමුදුරුවරු පිරිස පිරිත් කියන්නේ එතකොට අත් අඩංගුවට ගන්නේ නැද්ද ? මේක ගෙදර කට්ටිය කරපු එකක් නේ
පිටස්තර පුද්ගලය තමයි හරහට හිටියි. නැත්නම් ඉතින් මේ කෝ නිසා තනි තනි ගෙවල් හදාගෙන ඉන්න තමයි වෙන්නේ .එකට කන්න නිදියන්න පුලුවන් නම් එකට යාඤ්ඤා කරන්න බැරි ඇයි ?
ඔන්න ඉතින් ආගම්වාදී මැටි කතාවක් කියෙව්වා, හාමුදුරුවෝ තනියම පන්සලේ පිරිත් කිව්වුවම ගමේ අයට කොරෝන බෝ වෙනවද? එහෙම බලනකොට ෆ්රන්ක්ගේ ආගම අදහන උදවියගෙයි , අකුරණ ආගම අදහන උදවියගෙයි බුද්ධි මට්ටමේ වෙනසක් ඇත්තෙම නැහැනේ...