(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතීය ලිහිල් කළ අවස්ථාවන් හිදී පොදු ප‍්‍රවාහන සේවය ‘‘අත්‍යවශ්‍ය සේවාවන්’’ සදහා පමණක් යෙදවීමට අවධානය යොමුව ඇතැයි විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සදහන් කරන්නේ, ලංගම සතුව පවතින බස් රථ පොදු ප‍්‍රවාහන සේවා කටයුතු සදහා යොදවනු ලබන්නේ හුදෙක් අත්‍යවශ්‍ය සේවාවන් වූ සෞඛ්‍ය, ආරක්ෂක සහ රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවල සේවය සදහා ප‍්‍රවාහනය කළයුතුම පිරිස වෙනුවෙන් පමණක් බවත්ය.
මේ වන විට ලංගමය සතුව බස් රථ 5700ක් සහ පුද්ගලික අංශය සතුව බස් රථ 23000 ක් පමණ පවතින අතර ලංගම බස් රථ සියල්ල සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි ධාවනය සදහා යොදවුවත් එය ප‍්‍රමාණවත් නොවන බවත්, දෛනිකව ලැබෙන ආදායම අඩුවීම හේතුවෙන් පුද්ගලික අංශය සිය බස් රථ ධාවනය කිරිමට කැමැත්තක් නොදක්වන බවත් එම අමාත්‍යාංශය බවසයි.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය රාජකාරීන්ට අමතරව වෙනත් කාරණාවන් සදහා ගමන් කිරීමට පොදු ප‍්‍රවාහන සේවා තුළින් පහසුකම් ලබා නොදෙන බවත්, හුදෙක්ම මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සදහා රජය විසින් ලබා දී ඇති උපදෙස් කි‍්‍රයාත්මක කිරීමත් සදහා පමණක් බවත් අමාත්‍යාංශය සදහන් කරයි.
පුද්ගලික හැදුනුම්පතේ අවසාන අංකයට අනුව ගමන් කිරීමට දින ලබාදෙමින් රජය ඊයේ (25) දිනයේදී ගත් තීරණයට අනුව මෙම තත්ත්වය වඩාත් පහසුවන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.
2025 නොවැම්බර් මස 21
59
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
158
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1011
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඇඳිරිය ළිහිල් කළත් පොදු ප්‍රවාහනය අතවශ්‍ය සේවා සඳහා පමණයි
chandana - australia Sunday, 26 April 2020 10:30 AM
ඇදිරි නීතිය දාගෙන අපේ රටට ගොඩක් කල් කරන්න බැහැ. මුලින්න ඇදිරි නීතිය දාපු එක අපි ගත්ත වැරදීම තීරණයක්. සමාජ දුරස්ථභාවය තමයි හොදම දෙය මුහුණු ආවරණ දානවටත් වඩා. එය මුළු ලෝකයම අද වෙනකොට පිළිගත්තා දෙයක්.
SamanSunday, 26 April 2020 12:25 PM
අනේ මෙහෙමත් කෙනෙක්...
Walter WhiteSunday, 26 April 2020 02:00 PM
ලංකාවේ පොළකට ඇවිත් බලන්න, පෝලිමක ඉඳලා බලන්න මිනිස්සු සමාජ දුරස්ථභාවය සුරකින හැටි! කරුණාවෙන් කිව්වට තේරුම් ගන්නේ නැහැ, දෙකක් ගහලා කිව්වම යස අගේට පිළිපදිනවා, ඔය හේතුවම තමයි ලංකාවේ උදවිය දේශපාලකයන්ගෙන් රජවරු බලාපොරොත්තු වන්නේ! එය ජානගත අවුලක්.