ඉන්දිකා රාමනායක
නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශ වල පිහිටි මහල් නිවාසවල රාති‍්‍රකාලේ සැරිසන පිරිස් හා එක් රැස් වෙමින් කටයුතු කරන පිරිස අත්අඩංගුවට ගැනීමට අද (3) සිට බුද්ධි අංශ යොදවා ඇති බව නියේාජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මෙම පිරිස් රාති‍්‍ර කාලයේ යම් යම් පිරිස් මෙම මහල් නිවාස වල ගත කරන බවත්, තවත් එක් රැස් වෙමින් , කටයුතු කරන බවටත් ලැබුණු තොරතුරු මත මෙම පියවර ගත් බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
නිරෝධායන නීතියට ගරු කරමින් එක් රැස් නොවී නිවෙස් වලට වී කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටි බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මේ අතර පවතින තත්ත්වය හමුවේ රෝගී වන සතුන්ට ප‍්‍රතිකාර කිරීම සදහා එම ප‍්‍රදේශ වෙත ගමන් ගන්නා පශූ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ ජාතික හැදුනුම්පත හෝ ආයතනික හැදුනුම්පත ඇදිරී නීතිය බලපත‍්‍රයක් වශයෙන් භාවිතා කළ හැකි බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිකුරාදාට එක්රුස් වෙනවා.. මෙකත් වසංගතයක්...
අප අදාල අංශවලින් මෙසේ විමසීමට කැමැත්තෙමු. අත්අඩංගුවට අරගෙන මෙම අය කුමක් කරන්නේද? අහිංසකම මිනිසුන්ගේ බදුමුදල් වලින් අයි මෙවන් අය නඩත්තු කරන්නේ ? සෑම භාෂාවකින්ම පැහැදිලි කරලත් එසේ නීතියට අවනත නොවේ යනු එක්කෝ ත්‍රස්තවාදීන් නොඑසේ නම් කුමක් හෝ එල්ලෙන්න වැල් නැති පක්ෂයක ඇම්බැට්ටයන් විය හැකිය.
ලංකාවේ දැන් හොරු වැඩියි.... ලඟදි මාගේ නුවර ගෙදරට ගල් කීපයක් වැදුනා රෑ දෙකට විතර.