IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇඳිරියේ වව්නියාවේ නිවාස කොල්ල කෑ කල්ලියක 5ක් අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ

වව්නියාව ඉරම්බයිකුලම් ප්‍රදේශයේදී නිවෙස් වෙතට ඇතුලු වී මුදල් හා භාණ්ඩ සොරාගත් කල්ලියක 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව අපරාධ විමර්ශන අංශය පවසයි.

ඉරම්බයිකුලම් ප්‍රදේශයේ නිවෙස් කිහිපයක් වෙතට ඇතුල් වී නිවෙස්හි තිබූ මුදල් හා රුපියල් ලක්ෂ ගණනක් වටිනා භාණ්ඩ සොරාගත් බවට වව්නියාව අපරාධ විමර්ශන ඒකකයට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ලද පරික්ෂණයකදී සොරාගත් භාණ්ඩද සමගින් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සොරාගත් භාණ්ඩ වව්නියාව තේක්කවත්ත ,කෝවිල්කුලම්, මහරම්බකුලම්, කට්කුලි, නෙලුක්කුලම් යන ප්‍රදේශයන්හි සඟවා තිබියදී සොයාගැනීමට පොලීසිය සමත් විය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 ත් 15 ත් අතර වයස්හි පසුවන වව්නියාව මහරම්බකුලම්, සූසෙයිපිල්ලයාර් කුලම්, තේක්කවත්ත හා නෙල්ක්කුලම් යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර එම පිරිස වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

ඇඳිරියේ වව්නියාවේ නිවාස කොල්ල කෑ කල්ලියක 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 10 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site