IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ඇඳිරිය කැඩූ 620 ක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන් ජයසිංහ


ඉරිදා(17) උදෑසන හයෙන් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් (620)ක් අත්අඩංගුවට ගෙන වාහන (274)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මාර්තු මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු ඉරිදා(17) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව පනස් හය දහස් තුන්සිය විසිහය(56326)ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව පහළොස්දහස්  හාරසිය අනූව(15490)ක් බවත් පොලිස් මාධ්‍ය ‍කොට්ඨාශය පවසා සිටී.

තවද ඉකුත් මාර්තු 18 දින සිට ඉරිදා(17) උදෑසන 6 දක්වා ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීමට අදාල නඩුපැවරීම් හා දඩුවම් පැමිණවීම් සම්බන්ධව නඩු පැවරූ සංඛ්‍යාව දහතුන්දහස් පන්සිය පනස් හය(13556)ක් වන බවත්,   නඩු පැවරීම් වලට  අදාළව දඩුවම් නියම කරනලද සංඛ්‍යාව පන්දහස් දෙසිය විසිඑක(5221)ක් වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.



අදහස් (0)

ඇඳිරිය කැඩූ 620 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 172 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2061 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1583 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site