IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඇඳිරිය ඉවත් කළ පසු මාලු ගන්න වැඩපිළිවෙළක්

(ජේ.කේ.එල්. චාමින්ද)

හෙට (16) දින ඇදිරි නීතිය ඉවත්කිරිමෙන් පසු ගාල්ල ධිවර වරායට පැමිණෙන පාරිභෝගික ජනතාවට තදබදයකින් තොරව කඩිනමින් මසුන් මිලදි ගැනිම සදහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර ඇති බව ගාල්ල ධිවර වරායේ කළමණාකරු නෙරන්ජන් දිසානායක මහතා පවසයි.

පාරිභෝගිකයින් පැමිණෙන පිළිවෙළ අනුව අංකයක් ලබාදි වරකට 25 දෙනෙකු බැගින් ධිවර වරායට ඇතුල් කිරිමට පියවරගෙන ඇති බව සදහන් කළ ධිවර වරායේ කළමණාකාරවරයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ උපදෙස් අනුව දුරස්ථභාවය පවත්වාගෙන යමින් එම කටයුතු සිදුකරගෙන යන බවද පවසයි.

මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල ධිවර වරායේ කළමණාකාරවරයා මෙසේද කිවේය.

අලුත් අවුරුදු දිනවල ද ගාල්ල ධිවර වරයේ කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක වුණා. අලුත් අවුරුද්ද යෙදි තිබු ඊයේ (14) දින මෙන්ම අද දිනද (15) ධිවර වරාය තුල තොග වෙළදාම සිදුවුණා. රටේ පවතින තත්වය නිසා අලුත් අවුරුදු දින වලද මුහුදු යාම සදහා ධිවර කාර්මිකයින් ඉල්ලිමක් කළා. ඒ සදහා ධිවර කමිටුවේ අනුමැතිය හිමිවුනා.පසුගිය 12,13,14, මෙන්ම අද දින ද (15) ගාල්ල ධිවර වරායෙන් මසුන් ඇල්ලිම සදහා බහුදින යාත්‍රා පිටත්ව ගියා. මසුන් අල්ලාගෙන බහුදින ධිවර යාත්‍රා ධිවර වරායට පැමිණියා. මසුන් අලෙවි කරගැනිමේ කිසිදු ගැටළුවක් නැහැ. අද දින සුරියවැව මොනරාගල ප්‍රදේශවල සිටද මාළු මිලදි ගැනිම සදහා තොග වෙළදුන් පැමිණ සිටියා.

හෙට දින ඇදිරිනිතිය ඉවත් කරන නිසා පාරිභෝගිකයින්ට ද මසුන් මිලදි ගැනිමට අවස්ථාව තියෙනවා. යතුරුපැදිවලින් හා පාපැදිවලින් මසුන් අලෙවිකරණ වෙළදුන්ට වෙන්දෙසි ශාලාව වෙත ගොස් මසුන් මිලදි ගන්න පුළුවන් ධිවර වරායේ තොග වෙළදුන් 24 දෙනෙකු ඉන්නවා. ඒ සේවාව ලබාදෙන්න කියා උපදෙස් ලබාදි තියෙනවා යැයි ද ගාල්ල ධීවර වරයේ කළමණාකාරවරයා සදහන් කළේය.



අදහස් (0)

ඇඳිරිය ඉවත් කළ පසු මාලු ගන්න වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 57 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 348 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 363 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site