(රංජිත් රාජපක්ෂ )
ඇදිරි නිති බලපත්‍රයක් නොමැතිව සහ නිරෝධාන පනතට සහයෝග නොදක්වා ශ්‍රි පාද වන්දනාවේ පැමිණි අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු පස් දෙනෙකුහැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිලිගැනීමෙන් එක් සැකකරුවෙකුට රු 1600 බැගින් දඩ මුදලක් ගෙවා නිදහස් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ට්‍රොස්කි මහතා (06) දින නියෝග කළේය.
මෙසේ දඩ මුදල් ගෙවිමට නියම කරනු ලැබුවේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි මුණිදාස ගමගේ (සභාපති) දොලමුල්ලකන්කානම්ලාගේ සමිත් , පොල්ගම්පොලගේ නයනකිර්ති පුෂ්පකුමාර , අලංකාරගේ අනුර දේවප්‍රිය , ගමගේ රාමචන්ද්‍ර යන සැකකරුවෝය.
අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපති මුණිදාස ගමගේ මහතා ඇතුළු එම ප්‍රාදේශිය සභාවේ සේවකයින් සිව්දෙනෙකු ඉකුත් 3 දින අකුරැස්ස සිට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය දක්වා එම නගර සභාවේ ලොරි රථයකින් පැමිණෙන අවස්තාවේ මස්කෙලිය මවුස්සාකැලේ පොලිස් මුරපොලේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන එදිනම මස්කෙලිය පොලිසිය විසින් සැකකරුවන් පස් දෙනාට (06) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දැනුම් දෙමින් පොලිස් ඇප මත මුදා හැර තිබුණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේ අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එම දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමට නියෝගයක් නිකුත් කරන ලෙසත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ වාහනය මුදා හරින ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසය.
එම ඉල්ලිම සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සභාපතිවරයාගේ දඩ මුදල රජයේ ගාස්තුවක් වශයෙන් ගෙවිමටත් මස්කෙලිය පොලිස් භාරයේ තිබෙන ප්‍රාදේශිය සභාවේ ලොරි රථය මුදා හැරිමට නියෝග කළේය.


COMMENTS
පොදු දේපොළ අවභාවිත කිරීම සදහා පොලිසියෙන් නඩු දමල නැහැ වගේ, ලොරිය පාවිච්චි කලාට ට්‍රිප් යන්න.
අනේ පව් ! දඩය ලොකු වැඩි නිසා හරියට රිදෙන්න ඇතිනේ? දීලා තිබෙන ආදර්ශය නම් මරුම තමා !!! මෙතුමයි, ගෝලයොයි ආයේ කවදාවත් මෙහෙම වැරද්දක් නොකරාවි නේද? ලොක්කටම පෙනීයන්...! ලොක්කටම පෙනීයන් !!! ලොකු උත්තමයාටම පෙනීයන් !!!... මෙතෙක් මේ නීතිරීති කඩකළ 40,000ක් පමණ උදවියට හොඳ පූර්වාදර්ශයක් බව නොකියාම නොහැක්කේය.
ඕනෑම ජඩ වැඩක් කර නිතිය ඉදිරියේදී සමාව ඉල්ලීමත් නරකම නැහැ. මොකද ඇප ලැබෙනවා අදහගන්න බැරි තරමට මෙන්ම උහුලන්නට බැරි මුදලක් තරම්වූ අධික දඩමුදලක් ගෙවන්න වෙච්ච එක තමයි ගැටලුව. රුපියල් 1600 කියන්නේ මේ කල්පෙකට හොයන්න පුළුවන් මුදලක්ය. මේ වගේ දේශපාලුවන් සමාජයේ සාමකාමී මිනිසුන්ට සමච්චල් කරමින් ගම් කබරයන්ගේ අතේ පැළවෙන ගොන් තර්කවල උදව්වෙන් නිදහස්වී යන හැටි.
ප්‍රාදේශීය මීහරකෙක්. මේ වෙලාවේ හැටියට කළ යුතුම වැඩක් වෙන්න ඇති මේ කළේ.
දැන් ශ්‍රීපාද සමය ඉවරයිනෙ. මේක නම් කවදාවත් වන්දනා ගමනක් වෙන්න බැහැ.
ඔච්චර දඩ මුදලක් සභාපති තුමාට ගෙවන්න පුළුවන්ද? හිතන්න ඔනේ... නීතිය සාධාරණ වෙන්න ඔනේ... පව් රටෙ මිනිස්සු... රුපියල් 160ක් නම් කමක් නැහැ..
හරි සිල්ලර දඩයක් නේ !!! කවුද දන්නේ නැහැ මේ තරම් දරුණු දඩයක් නියම කරන්න නියෝග කරේ? ලඟම තියෙන පන්සලේ පින් කැටය කඩලා උනත් මේ දඩය ගෙවන්න මේ පින්වතුන්ට තිබුණා නේද? මෙවැනි දඬුවමක් මගින් තව තවත් වන්දනාකරුවන් සිරිපා වන්දනා කරන්න යන්න පුළුවන් ! ඒත් අර ලොරි බාගයේ තිබුණ බඩුමලු වල මොනා තිබුණාද කියා දන්නේ කවුද?
දඩ මුදල ලොකු වැඩිද මන්දා.. පව් අසරණයෝ ටික. බොහොම අමාරුවෙන් වෙන්න ඇති ඔය මුදල හොයාගන්න ඇත්තේ.. අර ගෙදරකින් අඹ ගෙඩි 4ක් කඩා ගත්ත වයසක අම්මටවත් ඇප නොදුන් අපේ නිතිය මේ කුඩා දේශපාලකයින් අසලත් නැමෙන අපුරුව..
කුමට මෙරට අධිකරණය? නීතිය සහ විනිසුරන් කියන්නේ නන්ද මාලිනි ගේ පවන ප්‍රසංගයේ එන සුනිල් ආරියරත්න ලියපු සින්දුවක් මේක හැමදාටම ගැලපෙනවා . මගේ ප්‍රශ්නය එක නෙමි දොස්තර වික‍්‍රමසිංග වගේ යුග පුරුෂයෝ පාර්ලිමේන්තු යවපු අකුරැස්සේ ඒ ජනතාවගේ අලුත් පරපුර මොලේ කොලොප්පන් වෙච්ච තරමයි... මොකද දැන් ඒ පැත්තේ වීරයෝ ස්ත්‍රී දූෂකයෝ සහ මේ වගේ මොංගල් පොරවල් . අර මනුස්සසය වලෙන් නැගිටලා එවි දවසක '...
පිස්සො... කියන්න වෙන වචන නැහැ. මොනවද හිතාගෙන ඉන්නේ කියලා අපිට හිතාගන්න බැහැ..
ශ්‍රී පාද බැතිමතුන් විදිහට සුදු ඇඳගෙන ගේම් එකක් ගැහැව්වේ .. ඉතින් කෙලවුනානේ ..! අයිසේ.... මෙහෙමත් කොරෝනා එකක් .