අනීෂා මානගේ
ඇඳිරිනීතිය ඉවත් කළද මගී ප්‍රවාහන බස්රථ ඉතා සීමිත ප්‍රමාණයක් අද(28) දිනයේදී ධාවනය වීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත්ව සිටියහ.
පෞද්ගලික බස් රථ මෙන්ම ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලද විශාල අඩුවක් අද දිනයේදී දක්නට හැකිවිය.
අද පෙරවරු කාලයේ සිටම රැකි රක්ෂා සඳහා පිටත්ව යාමට මගී ජනතාව තංගල්ල සහ බෙලිඅත්ත නගරවලට පැමිණ තිබූ අතර ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් ඔවුහු අපහසුතාවට පත්ව සිටියහ.
බස් රථ නොමැති වීම හේතුවෙන් තංගල්ල නගරය වෙනත් දිනවලට සාපේක්ෂව පාළු ස්වභාවයක් ගෙන තිබිණ.
කොරෝනා ආසාදිත බවට හම්බන්තොට දිස්ත්‍රීක්කයෙන් රොගීන් සිවු දෙනකු හඳුනාගැනීමත් සමඟ බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සේවයට වාර්තා කිරීමට බිය වීම හේතුවෙන් මෙලෙස මගී ප්‍රවාහන බස් රථ ධාවනය කිරීමේ අඩුවක් සිදුව ඇතැයි අප කළ විමසීමේදී ලංකා ගමනා ගමන මණ්ඩලයේ තංගල්ල ඩිපෝවේ අධිකාරීවරයා කීය.
කෙසේ වුවද තංගල්ල බස් නැවතුම්පොළට බස් රථ පැමිණි විගස එයට ගොඩවීම සඳහා මගීන් ඒකරාශී වී සිටි ආකාරය දක්නට හැකිවිය.



2025 දෙසැම්බර් මස 18
612
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇඳිරිනීතිය ඉවත් කළත් මගීන්ට යන්න බස් නැහැ
Samitha Senaka Aluthgamage. Tuesday, 28 April 2020 07:54 AM
තත්වය මෙසේ උනත්, ලංගම ලොක්කන්ගේ උජාරු කතා නම් හරි ඉහලයි. වැඩිපුරම තියෙන්නේ බස් නොවෙයි හුඹස්. මේ රටේ බස් තියෙන්නේ සුළු ප්‍රමානයකුයි. මෙය ලංගම, පුද්ගලික යන දෙපාර්ශවයටම පොදුයි. මේ රටේ වැඩිපුරම තියෙන්නේ බස් බොඩි පමණක් සවිකල ඉන්දියානු ලොරියි. කන පැලෙන නලා හඬ, ඝෝෂාව දෙන එන්ජිම, ඉඩකඩ අඩු සීට්, කන්කරච්චලේ හැදෙන අධික ශබ්දය සහිත බාල ගොරහැඩි සංගීතය මේවායේ ඇත. මේවා නමට පමණක් බස්ය. ප්‍රවාහන බලධාරීන්ට මේ කිසිවක් පෙන්නේ නැත. ඇහෙන්නේද නැත.
ranasinghe Tuesday, 28 April 2020 08:06 AM
තීරන ගන්න රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඈත්වී බොහො කල් ජීවත් වීමෙන් ඔවුන් ගන්න තීරන බොහෝ දුරට විහිලු සහගතය...
gamageTuesday, 28 April 2020 09:54 AM
එම බලධාරීන් එම තැන් වලට පත් කිරීමට චන්දය දුන් අපගේ තීරණය ඊටත් වඩා විහිළු සහගතය.