(ශාන්ත චන්ද්‍රසිරි)
මසකට අධික කාලයක් වසා දමා තිබු උඩරට වතුකරයේ මත්පැන්හල් ඇදිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ විවෘත කිරීමෙන් පසුව මෙරට නිෂ්පාදිත සියලුම මත්පැන් වර්ග අද (20) දහවල් වනවිට සම්පුර්ණයෙන්ම විකිණී අවසන් වු බව මත්පැන්හල් හිමියෝ පවසති.
උඩරට වතුකරයේ බොහෝ මත්පැන්හල්වල දේශීය මත්පැන් වර්ග පෙරවරු කාලයේදීම අවසන් වු බවත්, ඇතැම් මත්පැන්හලවල දහවල් වනවිට අවසන්ව ගිය බවත් ඔවුහු කියති.
COMMENTS
ජාතික බීම වෙලා!
මේ අයට වතුර නොබී හිටියත්, ඔය දහ ජරාව නම් නොබීම බැහැ.
පඩිය රුපියල් 1000 ක් කළත් කරන්නෙ ඕක තමයි.
වතුකර ජනතාවගෙ පවුල් වල සල්ලි, මත් වෙලාම ඉවරයි...කල්පනා කරන්නෙ නතුව ඇති හෙට මොනවද කන්නෙ කියලා.
වතුකරයේ ගෘහස්ත හිංසනය අද ඔලුව උස්සයි. පොලිසියට වැඩ! හරිම කණගාටුදායකයි.
අනේ තව 10,000/ක් දෙමු
උගුර සෝදන්න වෙන්න ඇති.
පාසල් විවෘත කරන්න ඉස්සෙල්ල, මිනිස්සු පන්සලට කෝවිලට පල්ලියට යන්න ඉස්සෙල්ල, සුරාසල් විවෘත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
හරි... ආඩමිබරයි, පෙරටම යමු ලංකා...
බොන කට්ටිය ඉක්මනින් ඉවරයක් කලේ නැත්නම් මෙරට කවදාවත් හදන්න බැ. ආධාරදෙන්න හොඳ නැහැ මේ අයට.
ගෙදර වත්තේ පොල්මලක්, කිතුල්මලක් තලා ගන්නට අවසර දෙන්න.