IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ආදාහනයට බාධාකළ සැකකරු ඇප මත මුදා හැරේ

ඩී.ජී.සුගතපාල

ගාල්ල දඩල්ල ආදාහනාගාරයේ මළ සිරුරක් ආදාහනය කරමින් සිටියදි ආදාහනය නතර කරන ලෙසට මරණ තර්ජනය කර ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(11) නියෝග කලේය.

මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල දඩල්ල පදිංචි වැල්ලගේ චතුර සුදේශ් හෙවත් ලාරා නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි. ‍

මියගොස් ඇත්තේ අකුරැස්ස මලිදුව කොහුගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අංශභාගි රෝගි තත්වය මත ඔහු කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත.

එසේ ඇතුලත්කර ප්‍රතිකාර ලබමින් සිටියදී කොරියාවේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධයනයවි පැමිණ සිටි ඔහුගේ පුතෙකු උපස්ථාන කටයුතු සඳහා ලඟ සිට ඇත.

එසේ සිටියදී එම පුතාට කොරෝනා වැළඳිම නිසා අයි.ඩි.එච්.රෝහලට යැවිමෙන් පසු පියා මියගොස් ඇත. එහෙත් පියාට කොරෝනා වැළඳි නැති බව තහවුරුවි තිබුනත් සෞඛ්‍ය බලධාරින් තිරණය කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා රෝගින්ගේ මළ සිරුරු සඳහා නිකුත් කර ඇති රෙගුලාසි අනුව පියාගේ මළ සිරුර ආදාහනය කිරිමටය.

ඒ අනුව ඊයේ මළ සිරුර දඩල්ල ආදාහනාගාරයේ ආදාහනය කරමින් සිටියදි පැමිණි සැකකරු ආදහනය නතර කරන ලෙසට මරණිය තර්ජන කර ආදාහනාගාර සේවකයින්ගේ රාජකාරියට බාධා කර ඇති අතර එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරින් ඔහු අත් අඩංගුවට ගෙන මෙසේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදි.

නඩු විභාගය ජූලි මස 28 වන දින දක්වා කල් තබන ලදී.



අදහස් (4)

ආදාහනයට බාධාකළ සැකකරු ඇප මත මුදා හැරේ

සමන්ත Saturday, 11 April 2020 11:00 AM

එතකොට නිරෝධාන රෙගුලාසි වලට අභියෝග කරන අහවල් ශ්‍රී ලාංකිකයින් අත්අඩංගුවට ගන්නේ නැද්ද? සිංහලයින් විතරද අත්අඩංගුවට ගන්නේ? ආදාහනාගාරයට ඇවිත් රාජකාරියට බාධා කලත් ජනමාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කලා කියන්නෙත් නිරෝධායන පනත උල්ලංඝනය කීරීමක්. නීතිය සැමට එක විය යුතුයි..

:       0       1

Raveendra Saturday, 11 April 2020 11:09 AM

ඇත්තෙන්ම මෙම හරකුන් දෙදෙනාව මුදා හැරීමට තිබුනේ නිරෝධ මධ්‍යස්ථාන වැසිකිලි සුද්ද පවිත්‍ර කිරීමට..

:       0       1

sanjeeva Saturday, 11 April 2020 04:24 PM

මෙතන අපි සැළකිල්ලෙන් බැලිය යුතු කාරනා තිබෙනවා.. මීට දවස් කිහිපයකට පෙර මහියංගනය ප්‍රදේශයේ එක්තරා පුද්ගලයෙක් මියගොස් එම දේහය මිහිදන් කිරීමට ගෙනගිය අවස්තාවේදී අසල්වාසීන් එක්වී මහා විරෝධතාවයක් දක්වලා තිබුනා. හේතුව වුනේ කොරෝනා රෝගය හේතුවෙන් මිය යන අයගේ සිරුරු මිහිදන් නොකර ඒවා ආදාහනය කිරීම පමණක් කලයුතුයි කියා තිබීමයි.. නමුත් ඒ මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව කොරෝනා නොවන බව එහි සිටි නිලධාරින් දිගින් දිගටම පැහැදිලි කල අතර ගම්මුන් කෙසේ එය පිළිගත්තා ද නැද්ද අවිනිශ්ච්තයි. .. දැන් ගාල්ලේ වෙලා තියෙන්නේ ඊට වෙනස් දෙයක්. ආදාහනය කරන්න තිබුණු දේහයක් එය නොකරන ලෙස විරෝධතාවයක් ඇතිවීම.. මෙම සිදුවීම් දෙකේම තියෙන්නේ මිනිසුන්ගේ නොදැනුවත්කම, දත්ත දැනගැනීමේ නොසැලකිල්ල සහ ඇත්ත වටහාගැනීමේ අකමැත්ත ... ඉතින් අපි දැන් කොහේ ගොහිල්ල නවතීද ?

:       0       0

හසිත Monday, 13 April 2020 01:10 AM

මම නම් කියන්නේ උන් කෑගහන්න ඇත්තේ දරා ගන්න බැරි වේදනාවට වෙන්න ඇති.. එ්ත් මේ කොරියාවේ ඉඳලා ආපු කෙනාව නිරෝධායනයට නෙමෙයි දාන්න ඕනේ.. මේ හින්දා අපිටත් ජීවත් වෙන්නත් බයයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site