හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව කිවුල ප්‍රදේශයේ කාන්තාවක් කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ විමත් ඇය ප්‍රථිකාර ලබා ගත් ආණමඩුව මුලික රෝහල් කාර්ය මණ්ඩල කොටසක් කිවුල හා 9 බවුම ගම්මාන වල නිවාස 15 ක පිරිස් ස්වයං නිරෝධායනයට යොමු කරන බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි අධිකාරිවෛද්‍ය ඒ.එච්.එම් .පද්මිනි අබේරත්න මහත්මිය මහත්මිය පවසයි.
මෙසේ කොරෝනා ආසාදිතයකු ලෙස සනාථ වි ඇත්තේ 28 හැවිරිදි එක් දරු මවක් බව සෞඛ්‍ය අංශ කියයි.
මෙම මුල්ලේරියාව කොරෝනා රෝහල වෙත 5 දින රාත්‍රියේම පිටත් කිරිමට හලාවත රෝහල කටයුතු කර තිබු බව කියයි.
මෙම කාන්තාව පුත්තලම 9 බවුම ප්‍රදේශයේ සැමියා සමග පදිංචිව ඇති බවත් පසුව සති කිපයක් ආණමඩුව කිවුල අංක 4 ගම්මානයේ සැමියාගේ මවගේ නිවසේ රැදි ඇති බවටත් මේ වන විට සෞඛ්‍ය අංශ සනාථ කරගෙන තිබේ.
කොරෝනා ආසාදිත කාන්තාව ආණමඩුව මුලික රෝහල හා තවත් ස්ථාන කිපයකින් ප්‍රථිකාර ලබා ගෙන ඇති බවටත් සනාථ වෙමින් ඇති බවත් කියයි.
ඒ අනුව මෙම කොරෝනා ආසාදිත කාන්තාව ඖෂධ ලබා ගත් ආණමඩුව නගරයේ පාමසියක් පිලිබදවද තොරතුරු ලැබි ඇති බවත් ඒවට අමතරව කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පිළිබදවත් තොරතුරු සනාථ වි ඇති බව සෞඛය අංශ පවසයි .
එම ස්ථාන සියල්ලම පිළිබදව නිසි තොරතුරු ලබා ගැනිමකින් පසු ස්වයං නිරෝධායන කටයුතු සදහා යොදවිමට කටයුතු කරන බව වාර්තා විය.
මේ අනුව අදාල කාන්තාව රැදි සිටි පුත්තලම පොලිස් වසමට අයත් 9 බවුම මධ්‍යම අට්ටවිල්ලුව හා කිවුල අංක 4 ගම්මාන වල නිවාස 15 ක් 6 දින දහවල් වන විට සනාථ කර ගැනිමේන් පසු එම නිවාස වල පදිංචිව සිටි සියලුම පුද්ගලයින් දින 14 ක ස්වයං නිරෝධායන කටයුතු වලට යෙදවිමට සුදානම් කල බව ආණමඩුව සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය පවසයි.
මෙම කොරෝනා ආසාදිත කාන්තාව හලාවත මහ රෝහලේ කොරෝනා ඒකකයට ඇතුලත් කිරිමේන් පසුව ආසාදිත තත්වයේ පසුවන බවට සනාථ කරගෙන තිබේ.
මෙම තත්වයෙන් පසුව ආණමඩුව හා පුත්තලම වෛද්‍ය නිළධාරි කාර්යාල වල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියලුම පිරිස් දැනුවත් කරමින් අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් ආරම්භ කර තිබුණි.
මේ අතර ආණමඩුව හා පුත්තලම පොලිස්ථාන වල පොලිස් නිළධාරින් ද මේ කටයුතු සඳහා සක්‍රිය දායකත්වය දක්වන ආකාරය දැක ගත හැකි විණි.






2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණමඩුව රෝහලේ කාර්ය මණ්ඩල කොටසක් ස්වයං නිරෝධායනයට
ruwan Monday, 06 April 2020 09:50 AM
රෝහලට ලෙඩෙක් එනවිටම කොරෝනා මූලික රෝග ලක්ෂණ වත් පරීක්ෂා කරන්න පුලුවන්ද? එහෙම පරීක්ෂා කරන්න සීමිත සේවක මණ්ඩලයක් අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම් සමග යොදවන්න පුලුවන්ද? නැතිනම් මෙසේ අනාරක්ෂිතව රෝගීන් පැමිණීමෙන් සෞඛ්‍ය සේවකයින් හා සේවය ලොකු ප්‍රශ්නයකට ඉදිරියේ දී මුහුණ දෙයි නේද?