(රංජන් කස්තුරි)
චමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.
මුලදීද ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබූ අතර පසුව එය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට පැවරිණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව යළිත් එම දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.
ඒ අනුව ආගමන හා විගමක කටයුතු සහ ශ්‍රීලාංකික පුරවැසිභාවයට අදාළ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය යටතට පැවරේ.
COMMENTS
ඉතා වැදගත්. බොහොම හොඳයි මේ පියවර.
මොකක්ද ඒ හරුපෙ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේන්තුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය. වචනෙ මාරු කරල විතරනෙ. වචනෙ මාරු කරහම ඒවා සම්පූර්නයෙන් දෙකක්ද?
දැන් මට තේරෙන දෙයක් තම ලංකාවේ බොහොමයක් ආයතන තමන්ගේ වගකීම පැහැර ඇර ඇති බව. එම නිසා සියලුම ජනයාගේ විස්වාසය දිනා ගත රණවිරුවන්ට තම සියලුම කාර්යන් කරන්න වෙන්නේ ඒක නිසා ආරක්ෂක අමාත්‍යාංශය තාම හොද. නිරෝදන්යන වැඩේටත් කොහේ හරි ඉන්න දේශපාලකයෙ දැම්මන ඔය වැඩේ හරියට වෙන්නේ නැහැ. දැන් අපිට විශ්වාසී හමුදාව නිසා මම හිතන්නේ ජනාදිපති තුමා ගන්න ක්‍රියාමාර්ග හරි.