( මහේෂ් කිර්තිරත්න)

ඇදිරිනිතිය ඉවත් කර නොමැති මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ සිට පැමිණ විවෘත කර තිබු මාතලේ නගරයේ වෙළදසැල් දෙකක් වසා දැමිමට මාතලේ මුලස්ථාන පොලිසියේ නිලධාරින් (21)  පෙරවරුවේ කටයුතු කළහ.
 
මාතලේ නගරයේ ඇති මෙම වෙලදසැලේ සහ ෆාමසියේ සේවය කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.
 
මෙම පිරිස මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අය බවට මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇති බවද පොලිසිය කියයි.
 
මෙම පුද්ගලයින් ඇදිරි නිති කාලයේ දි පැමිණි ආකාරය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වන බවද පොලිසිය කියයි.
 
මාතලේ මුලස්ථාන ප්‍රධා පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරික්ෂණ පවත්වයි.