IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


අරුණෝදය මාවත අගුළු දමයි

(රේඛා තරංගනී ෆොන්සේකා)

පූජකවරයකු සමග වන්දනාගමනකට සහභාගි වු ළමුන් දෙදෙනෙකුට සහ වැඩිහිටියන්  හතරදෙනෙකුට කොරෝනා යයි සැක රෝග ලක්ෂණ පහල වු නිසා ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ඔබේසේකරපුර අරුණෝදය මාවත වසාදැමූ බව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පවසයි.

එක්තරා පූජකවරයකුගේ සංවිධායකත්වයෙන් ඉකුත් 15 වැනිදා සුරියවැව ප්‍රදේශයේ පැවති දේව මෙහෙයකට සහභාගි වීම සඳහා බස් රථ දෙකකින් පිරිස රැගෙන ගොස්තිබේ. එකී ගමනට මෙම රෝග ලක්ෂණ ඇති පිරිස සහභාගී වී ඇති බව ඔහු පැවසීය.

ගමන සංවිධානය කළ පූජකවරයා පල්ලියද වසා දමා ඇති අතර ඔහු ආගිය අතක් නොමැති බවත් ඔහුගේ ජංගම දුරකථනයද ක්‍රියා විරහිත බව ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මනෝජ් රොද්‍රිගෝ මහතා පැවසීය.

විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සිටින පවුල් අටක්ද එම කලාපයේ නිරෝධානය වෙමින් සිටින බව සඳහන් කළ ඒ මහතා සියලු කරුණු සළකා බලා ඔබේසේකරපුර අරුණෝදය මාවත මුද්‍රා තැබීමට කටයුතු කල බව පැවසීය.

අතුරැදහන්ව ඇති පූජකවරයා සොයා මෙහෙයුමක්ද  ක්‍රියාත්මක වන බව සඳහන් කල ඒ මහතා සැක සහිත රෝග ලක්ෂණ පහල කළ ළමුන් දෙදෙනා සහ වැඩිහිටි හතරදෙනා පරික්ෂණ සඳහා යොමු කෙරෙන බව වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති මධුර විතානගේ මහතාගෙන්ද අප විමසා සිටි අතර ඒ මහතා පැවසුවේ මෙකී වන්දනා කණ්ඩායම වැලිකන්ද යාපනය යන ප්‍රදේශයන්හී දේව මෙහෙයන්ටද සහභාගී වී ඇති බවයි.

මාර්ග අංක 175 සහ 170 මගි බස්රථ මේ සඳහා යොදාගෙන ඇති බව සඳහන් කල ඒ මහතා මෙම ගමනට දෙහිවල ප්‍රදේශයේ පල්ලියක දේවගැතිවරයෙක්ද සම්බන්ධ වී ඇති බවද පැවසීය.

වසා දමන ලද අරුණෝදය මාවත කලාපයේ පවුල් 500 ක්  පමණ ජීවත් වන බවද ඔහු පැවසීය. මෙම වැටලීමට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන, වැලිකඩ පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පියල් ගුණතිලක ඇතුලු පොලිස් කණ්ඩායමක් සහභාගි විය.



අදහස් (6)

අරුණෝදය මාවත අගුළු දමයි

nisar Sunday, 29 March 2020 07:46 AM

ජාති ආගම් නොදා "එක්තරා" කියන වචනය භාවිතයට ගැනීම වඩාත් සුදුසුයි.

:       98       13

Kumara Sunday, 29 March 2020 08:01 AM

මේ මිත්‍යාදෘශ්ටිකයන් මුලූ රටම විනාස කරනවා.

:       2       59

Pradeep Sunday, 29 March 2020 08:05 AM

අපේ රටේ ඉන්නේ මහා බුරුවො ටිකක්. ලෝකේ අනිත් රටවල් වලින් වත් ආදර්ශයක් ගන්න බලන්න. හොදම උදාහරණය චීනය එය වලක්වා ගත් අකාරය සහ ඉතාලිය ඒ ගැන නිසි අවධානයක් යොමු නොකිරීම තුලින් කර ගත් විනාශය.. අපිටත් ඕන චීනය වගේ වෙන්නද නැත්නම් ඉතාලිය වගේ වෙන්නද කියලා තීරණය කල යුත්තේ ඔබම තමයි.

:       0       42

madhura Sunday, 29 March 2020 08:43 AM

පල්ලිය ගැන කියලා පන්සලේ ෆොටෝ දැම්මේ?

:       0       13

Anton austria Sunday, 29 March 2020 09:08 AM

කතෝලික සභාවෙන් නම් පූජක තුමා වහාම නිලයන්ගෙන් අයින් කළ යුතුයි... කාදිනල් තුමනි... මට අනිත් ආගමට කියන්න බැහැ. නොසැලකිල්ලයි, මෝඩකමයි කරන මෙ වගේ පූජකයින්ට නඩුදාන්න ...

:       0       13

Rohana Sunday, 29 March 2020 09:13 AM

මෙතන ජාති ආගම් ප්‍රශ්නයක් නැත. තියෙන එකම ප්‍රශ්නය කොරෝනයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 897 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 994 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 394 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site