IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයක

( මනුල වික්‍රම)

මෙම මාසයේ සේවක වැටුප් ගෙවා ගැනිමට නොහැකි තරමට අනුරාධපුර මහ නගර සභාව  මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පවසයි.
 
පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ ලැබිය යුතු ආදායම් අහිමිවීම ප්‍රධාන හේතුව වී තිබේ.
 
අනුරාධපුර මහ නගර සභාවේ වාර්ෂික ආදායමෙන් විශාලම කොටසක් සම්පූර්ණවන්නේ පොසොන් උත්සවය සංවිධානයෙනි. මෙම වසරේ පොසොන්  ඇතුළු නගරයේ ප්‍රධාන උත්සව සියල්ලම අඩාලව තිබේ.
 
පොසොන් උත්සවයේ දී පමණක් ලබන සම්පූර්ණ ලාභය රුපියල් කෝටි 4ක් පමණ වේ.
 
රුපියල් කෝටි 65ක පමණ වාර්ෂික ආදායමක් නගර සභාව අපෙක්ෂා කරයි. එහෙත් වරිපනම් ඇතුළු සියලු  අයකිරිම් මෙ වන විට නතර කිරීමට සෑම පළාත් පාලන ආයතනයකටම රජය දැනුම් දී  තිබේ.
 
මහ නගර සභාවේ අරමුදලින් මාසිකව ගෙවන වැටුප ප්‍රමාණය රුපියල් ලක්ෂ 47ක් පමණ වන අතර රුපියල් ලක්ෂ 125ක් පමණ මධ්‍යම රජය මගින් ගෙවන ලබයි.
 
අනුරාධපුර මහ නගර සභාවේ  සම්පූර්ණ සේවක සංඛ්‍යාව 600ක් වන අතර ස්ථිර සේවක සංඛ්‍යව 200කි. ස්ථිර සේවකයින්ට හා මන්ත්‍රි දීමනා ගෙවනු ලබන්නේ මධ්‍යම රජය මගිනි.
 
 තවත් ලක්ෂ 27ක් පමණ අතිකාල දිමනා වශයෙන්  නගර සභාවෙන් ගෙවීමට ද සිදුවේ. ඉකුත් පෙබරවාරී මාසයේ සිට අතිකාල දිමනා ගෙවීම නතරව තිබේ.
 
අතිකාල දිමනා නොගෙවන බැවින ලබන් මාසයේ සිට අනියම් සේවකයින් වැඩට නොපැමිණෙ න බව ද විජේසිංහ මහතා පැවැසුවේ ය.



අදහස් (11)

අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයක

සමන් Friday, 08 May 2020 05:53 AM

තමන්ගේ හිතවතුන්ගෙන් අනවශ්‍ය විදියට නගර සභාව පිරවූ දේශපාලකයින්ට වැටුප් ගෙවන්න කියන්න කොමසාරිස්තුමනි.

:       1       92

Dilan Friday, 08 May 2020 07:58 AM

දේශපාලකයන්ට බැනලා වැඩක් නෑ. ඒ අය පත්වෙලා ටික කාලයක්නේ.

:       179       12

SiriFriday, 08 May 2020 10:35 AM

දේශපාලකයෝ මේ රටට පත්වෙලා අවුරුදු 72ක් වෙනවා. ඒක ටිකකාලයක් නෙවි. මේකට නිල්, කොළ , රතු සියලුදෙනාම වග කියන්න ඕන. දැයට කිරුල, බස් ගිනිතියපුවගේ ගම්පෙරලිය ප්‍රතිපලේ තමයි මේ... ඔක්කොමල සල්ලි විනාසකර හමාරයි. දැන්වත් අපි නායකයෝ ගැන නොසිතා තනිව නැගිටිමු . අපිට මේ දේශපාලුවන් තවත් නඩත්තු කරන්න බෑ.

:       0       12

ශ්‍රී ලාංකිකයා Friday, 08 May 2020 03:54 PM

ලේ හලන විප්ලවයකින් හෝ ජනතාවට පක්ෂ හමුදා රජයකින් පමණයි මෙරට ගොඩගත හැක්කේ... අවුරුදු 70ක්ම රට විකුණාගෙන කාපු සියලුම දේශපාලුවන් සහ ඔවුන්ගේ පවුල් වෙඩි තබා විනාශ කළයුතුමයි. මේ හැමෝම රට තල්ලු කරන්නේ ඒ දෙසටයි..

:       0       0

Makola Mangala Himi Friday, 08 May 2020 08:04 AM

මෙතෙක් කලක් හම්බ කළ මුදල් කාගේ සාක්කුවටද ගියේ ?

:       2       15

Siri Friday, 08 May 2020 08:17 AM

කරන්න බැරි නගර සභා, ප්‍රාදේශීය සභා වසාදමන්න. ඕවගෙන් ඇති වැඩේ මොකක්ද? ඉක්මනට MCC අස්සන් කරන්දෝ. අපිට වැලේ වැල් නැතෝ... පුටින් කියලා අපි රැවටුනේ හිටන්ටමද මන්දා?

:       0       0

Prasad Friday, 08 May 2020 08:51 AM

චන්ද‍්‍රසේන ඇමැතිට කියන්න. ගෙදරින් ගෙනත් දේවි...

:       0       8

sudubandara Friday, 08 May 2020 10:29 AM

එයාගේ ගෙදර නිතරම තියෙන්නේ වල් උෟරු මස් තමයි.

:       0       0

semasinghe Friday, 08 May 2020 09:55 AM

ඔන්න හෙළුව පේන්න අරගෙන.. මෙච්චර කල් බුද්ධාගම විකුණගෙන කාල තියෙන්නෙ .

:       17       17

rana Friday, 08 May 2020 10:43 AM

මේ වැනි දේ පටන් ගැම්මක්, අවසානයක් නොපෙනේ ! අනේ අපේ රට ! වැරදි මුරණ්ඩු තීරණයක් නිසා නේද මේ ?

:       15       2

Samitha Senaka Aluthgamage. Friday, 08 May 2020 12:14 PM

වැටුපක් ගෙවීමටවත් බැරි නගර සභා ... හදිසියකදී ගන්න මුදලක් නැතිද බබා ...?

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 673 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site