IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අන්තර් පළාත් බස්රථ කොළඹට නොපැමිණීම තේරුමක් නැති වැඩක්

විනීතා එම් ගමගේ

පළාත් අතර ධාවනය කරන බස්රථ කොළඹට පැමිණීමට ඉඩ ලබා නොදීම පලක් නැති වැඩක් බවත් ඊයේ දවස තුළ  බස්රථ ධාවනය කරද්දී පෙනී ගිය බවත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය කියයි.

එම නීතිය නිසා සිදුවූයේ කොළඹ එන මගීන්ට තමන් පැමිණි බස්රථයෙන් බැස වෙනත් බස් රථයකට අතර මග දී නගින්නට සිදුවීම පමණක් යැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය.

එමෙන්ම බස්රථවල ආසන සංඛ්‍යාවට මගීන් ගෙන යාම නිසා සමාජ දුරස්ථ භාවය රැුකගත නොහැකි බවත් බස් පෝලිමේ හෝ කාර්යාලයේ පමණක් දුරස්ථභාවය රැුකගෙන සිටියත් එක ළඟ අසුන් ගෙන කාර්යාලවලට පැමිණීමෙන් ජනතාව අවදානමක් ගන්නා බවත් විජේරත්න මහතා සදහන් කළේය.

කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කයන් හි සාමාන්‍ය ධාවනයේ යෙදෙන බස්රථ වලින් සියයට තිහක් ද, අනෙක් දිස්ත‍්‍රික්කයන්හි සාමාන්‍ය ධාවනයේ යෙදෙන බස්රථවලින් සියයට 60 ක් ද ඊයේ ධාවනය කළ බව ඔහු සදහන් කළේය.

ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි බස්රථ දහසක් පමණ ද අනෙක් දිස්ත‍්‍රික්කයන්හි බස්රථ 7000  ක් පමණ ද ධාවනය වී යැයි ද විජේරත්න මහතා පැවැසීය.

බස් රථ ධාවනයට හැකියාව තිබුණත් බොහෝ බස් කර්මාන්තයේ සේවකයන් ගම් බිම් බලාගොස් තවමත් පැමිණ නැතැයි ද ඔවුන් පැමිණි පසු සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්නට හැකි වනු ඇතැයි ද හෙතෙම සදහන් කළේය.

රට ක‍්‍රමානුකූලව විවෘත කරන අතර මගී ප‍්‍රවාහන කටයුතුවල මෙවැනි අඩුපාඩු ගැන සොයා බලා කටයුතු කිරීමට බලධාරින් කටයුතු කළ යුතු බව ඔහු කියාසිටියේය.



අදහස් (3)

අන්තර් පළාත් බස්රථ කොළඹට නොපැමිණීම තේරුමක් නැති වැඩක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 11:03 AM

බස්ගැමුණු මහතාට බාස්කාරයින්ට වඩා මගීන් ගැන හරියට දුකයි වගේ.. අනේ පව්..!!! බස්වල සේවකයන් ගමේ ගිහින් තාම ඇවිත් නැතිලු. ඒ වුණාට හෙට ඉඳන් පොල් පටවන්නා වාගේ පටවන්න අවසර දුන්නොත්, බලන්න පුළුවන් බස්ටික ධාවනය වෙන හැටි....

:       1       65

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 11:04 AM

බස්ගැමුණු මහතාට බාස්කාරයින්ට වඩා මගීන් ගැන හරියට දුකයි වගේ.. අනේ පව්.. බස්වල සේවකයින් ගමේ ගිහින් තාම ඇවිත් නැතිලු. ඒ වුණාට හෙට ඉඳන් පොල් පටවන්නා වාගේ පටවන්න අවසර දුන්නොත්, බලන්න පුළුවන් බස්ටික ධාවනය වෙන හැටි...

:       1       226

අනුපමා Wednesday, 27 May 2020 01:01 PM

අන්තර් බස් සේවය ඉක්මණට ක්‍රියාත්මක කරන්න... අපිට රැකියාවට යන්න වෙලා තියෙන්නේ ගොඩක් අපහසුතා එක්ක... කුලී රථවලින් යන්න ගියාම වැටුප ඉවරයි එ්වට...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site