IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අධිකරණ කටයුතු සති දෙකකට කල් තබන්නැයි ගාල්ල නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

ඩී.ජී.සුගතපාල

රටේ උද්ගතව ඇති තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති උපදෙස් සැළකිල්ලට ගැනිමේදි ඒ අනුව කටයුතු කිරිමට ගාල්ල අධිකරණ කලාපය තුල තිබෙන පහසුකම් අවම නිසා විවෘත අධිකරණයේ කටයුතු පවත්වා ගෙන යාම අප්‍රියල් 30 වනදින දක්වා දැනට අනුගමනය කරන ක්‍රියා මාර්ගය අනුවම වෙනසකින් තොරව පවත්වාගෙන යා යුතු බවට අද (20)රැස්වු ගාල්ල නිතිඥ සංගමයේ විධායක කමිටුව ඒකමතිකව තීරණය කලේය.

මෙම තීරණය නිතිඥ සංගමයේ ලේකම් සමිත් ගාල්ලගේ මහතාගේ අත්සනින් යුතුව ගාල්ල අධිකරණ කලාපයේ සියලුම විනිසුරුවරුන් වෙතද අධිකරණ සේවා කොමිෂන් සභාව වෙතද සියලුම නීතිඥවරුන් වෙත හා ශ්‍රි ලංකා නිතිඥ සංගමය වෙතද යවා ඇත.

නිතිඥ සමිත් ගාල්ලගේ මහතා පැවසුවේ නිතිඥවරුන් ඔවුන්ගේ කාර්යාල සහ අධිකරණ කාර්යාලවල රාජකාරි කරන සියලු දෙනාද සේවා දායකයින්ද පොදු මහජනතාවද සම්බන්ධයෙන් සළකා බලා මෙම තීරණය ගත් බවය.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පිටු 34කින් යුතුව නිකුත් කරඇති උපදෙස් මාලාව අවම වශයෙන් සියයට පනහක් හෝ පිලි පැදිම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සහ අවශ්‍ය ද්‍රව්‍ය පහසුකම් මෙතෙක් සපයා ගැනිමට නොහැකිවි ඇති බැවින් විවෘත අධිකරණයේ කටයුතු අදාල චක්‍ර ලේඛනයේ සඳහන් පරිදි පවත්වා ගෙන යාම විනිසුරුවරුන් නිතිඥවරුන් සේවා දායකයින් කාර්ය මණ්ඩල අවදානම් තත්වයකට පත්විමක් බවද ඒ මහතා පවසයි.

එනිසා විවෘත අධිකරණයේ කටයුතු ඉදිරි සති දෙකක කාලයද දැනට අනුගමනය කරන ක්‍රියා මාර්ගයම පරිදිම පවත්වා ගෙන යාම සුදුසු බවට තම සංගමයේ විධායක සභාව තීරණය කල බවද නිතිඥ සමිත් ගාල්ලගේ මහතා පැවසිය.
 



අදහස් (0)

අධිකරණ කටයුතු සති දෙකකට කල් තබන්නැයි ගාල්ල නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 465 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site