(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සෞඛ්‍ය නිර්දේශ මත අදියර හතරක් යටතේ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් පාසලට ඇතුළු වන විට සෑම දරුවකුගේම ශරීරයේ උෂ්ණත්වය මැනීම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියා මාර්ග රැසක් ක්‍රියාත්මක කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාතර දී පැවසීය.
මාතර දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන වලට ජීවානූහරණ උපකරණ බෙදා දීම සදහා මාතර මහ නගර සභාවේ පැවති උත්සවයක දී ඒ මහතා ඒ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලහප්පෙරුම මහතා මෙසේද කීය.
“11 වැනිදා පාසල් ආරම්භ කිරීමට සැලසුම් සකස් කලත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් අපිට එය කරන්න නොහැකි වුණා.ඉදිරියේදී වුවත් පාසල් ආරම්භ කරන්නේ සෞඛ්‍ය අංශයේ නර්දේශය මත පමණයි.ඒ තීරණය ගන්නේ අධ්‍යාපන ඇමතිවරයා ලෙස මා හෝ අධ්‍යාපන අමාත්‍යාංශය නොවෙයි.ඒක දේශපාලන තීරණයකුත් නොවෙයි.
සෞඛ්‍ය නිර්දේශය මත වුවත් අදියර හතරක් යටතෙයි පාසල් විවෘත කරන්නේ.පාසල් ආරම්භ කරන්න පෙර දිවයිනේ සෑම පාසලක්ම ජීවානූහරණය කිරීමට පලාත් පාලන ආයතන කටයුතු කරනවා.සෞඛ්‍ය නිර්දේශ මත පාසල් විවෘත කිරීමට දිනය ප්‍රකාශ කල පසු පලමුව අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසල් වලට කැදවනවා.ඉන් අනතුරුව උසස් පෙල හා සාමාන්‍ය පෙල දරුවන්ට පාසල් ආරම්භ කරනවා.
ඊටත් පසුවයි කුඩා දරුවන් කැදවන්නේ.සෑම දරුවකුම අත් සෝදා පාසලට ඇතුළු කර ගන්න පහසුකම් සලසනවා.ඒ වගේම දරුවන්ගේ ශරීරයේ උෂ්ණත්වය මැනීමේ උපකරණත් පාසල් වලට බෙදා දෙනවා.ඒ සදහා දෙමාපියන් ගේ සහයෝගයත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා.සියලුම ආරක්ෂිත ක්‍රියාමාර්ග වලින් පසුවයි පාසල් දරුවන් වෙනුවෙන් විවෘත කරන්නේ.
ඒ වගේම දිස්ත්‍රික්කයක් ලෙස මාතර දිස්ත්‍රික්කය මේ ව්‍යසනයට සාර්ථකව මුහුණ දුන්නා.ඒ නිසා ආසාධිතයින් දෙදෙනෙකු විතරයි මාතරින් වාර්තා වුනේ.රටක් විදියටත් සාර්ථකව මේ ව්‍යසනයට මුහුණ දුන්නා.මිලියන 22 ක් ඉන්න අපේ රටේ නව දෙනයි මිය ගියේ.නමුත් ශ්‍රී ලාංකිකයින් ලක්ෂ පහක් ඉන්න එංගලන්තයේ පවා ලාංකීකයින් 28 ක් මිය ගියා.එතකොට පේනවා ජීවත් වීමට සුරක්ෂිත රට කුමක්ද කියලා.ලෝකයේ බලගතු රටවලට ජය ගන්න බැරි වු කොරෝනා ව්‍යසනයට අපේ පුංචි රට සාර්ථකව මුහුණ දුන්නා.ඒ සදහා කැපවීම් කල ආරක්ෂක අංශයට වගේම සෞඛ්‍ය අංශයටත් රජයටත් අපේ ප්‍රණාමය හිමි විය යුතුයි.”
COMMENTS
මේ කෙලවෙලා තියෙද්දිත් කයිවාරුව එහෙමමයි.. උෂ්නත්වමාන බිස්නස් එකෙනුත් හොඳ ගානක් හොයා ගන්න ඇති. මෝඩයෝ.. උන නැතුවත් මේ ලෙඩේ සැඟවිලා තියෙනවා. එත් පැතිරෙනවා. කබර ඩොක්ටර්ගෙන් නොවෙයි.., සුදුසුකම් සහිත දොස්තර මහත්මයෙකුගෙන් අහලා ඉගෙන ගන්නවා. පොඩි උන්ට ලෙඩ බෝවෙලා තිබුනොත් බලාගෙනයි...
හරි ඇමතිතුමා. ඔයා තමයි පොර. මාතර බේරගත්තෙ ඔයා. ලංකාවෙ ලමයි කොරෝනා වලින් බේරගත්තෙත් ඔයා. මතක ඇතුව අර පවිත්‍රා නෝනගෙන් උපහාර පදක්කමක් ඉල්ලගන්න..
හැම එකක්ම දේශපාලන කෝණයෙන් බලන සමහර කාලකන්නින්ට මේ ඇත්ත පේන්නේ නැහැ.. පෙනුණත් පිළිගන්න කැමති නැහැ... කුහක නොවී හිතනවා නම් අපේ කෝවිඩ් මර්දන ක්‍රියාවලිය අතිසාර්ථකයි තවම... සමහරුන්ට යම් අතපසුවීම් වුණා තමයි... නමුත් ඒවත් - අපේ වාසනාවට දැන් කළමනාකරණය වෙලා නොවැ... මම කාටවත් සුදුහුණු ගානවා නොවේ.. මට එහෙම කරන්න ඕනෑ කමකුත් නැහැ. මොකද දැන් බොහෝ කාලයක ඉඳලා මම කාටවත් ඡන්දය පාවිච්චි කරන කෙනෙක් නොවේ... නමුත් ඇත්ත කතාකළොත් මෙහෙත් ට්‍රම්ප් වගේ හරි, බ්‍රසීලේ වගේ හරි ජනපති කෙනෙක් හිටියා නම් මොනවා වෙනවද කියලා අර උක්ත පුද්ගලයින්ගෙන් අහන්න ඕනෑ...
පාසල් යනු සමාජ දුරස්ථභාවය රැක ගැනීමට අපහසුම ස්ථානයකි. එම නිසා දිනකට නියමිත පන්තියක් හෝ කීපයක් ඉඩ පහසුකම් ඇති පරිදි ගෙන්වීම වඩාත් සුදුසු වේ. ගුරුවරුන්ට සීමිත සංඛ්‍යාවක් ගෙන්වා දෛනික කාලසටහන් ඒ අනුව සකස් කිරීම කල හැකිය.
අත හෝදන්න පහසුකම් වැඩේ නම් හොඳයි. එ්ත් වතුර, සබන් වගේ දේවල්... ලංකාවේ පාසල් ගොඩකට වතුර තියා වැසිකිලියක් වත් නැහැ. බයිලා කියනවා...
අනුන් කරන වැඩවලින් ලකුණු දාගන්න හදන කයිවාරු කාරයෙක්...
හත් ඉලව්වයි... ජීවත් වෙන්න හොඳම රට ලංකාව නම් ඔහෙත් ඇමෙරිකා ගියේ මක්කටෙයි...
අමු කැවිලද? සෞඛ්‍ය උපකරණ බෙදා දෙන්නත් මේ ඇමතිවරු ගෙන්වලා උත්සව තියන්නේ මේ වෙලාවේ? අපිට ගෙවල් වලටම වෙලා ඉන්න කියලා මේ ඡන්දයක් තියෙද්දී උත්සව තියතියා කයිවාරු ගහනවා. අපේ පැතිවලට ආවොත් එහෙම ගල් ගහලා එළවන්නේ...
පොරටෝක් පටන් ගෙන ඇත. ලංකාවේ මාතර හොඳම දිස්ත්‍රික්කය බවට එතුමා පත්කර ඇත. එන්නේ කාටද කියන්න මොලය කළඳක් ඇති අයට මනාව වැටහේ...
මේ දිනවල එස්.බි පෙනෙන්නට නැති නිසා නාටකයේ එස්.බි. ගේ චරිතය රඟපාන්නේ ඔබතුමාද? අපටත් අවශ්‍ය චන්දයක් බොරු කාරයන්ගේ රෙදි ගැලවිලා යන්න දුවන්න දෙන්න.
ගෙදර කුස්සියේ උයන්නයි, රෙදි හොදන්නයි, කඩේ යන්නයි පුරුදුවුන අය අධ්‍යාපන ඇමැතිවරුද? දරුවනේ උඹලාට දෙවියන්ගේම පිහිටයි.