IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


අත්වැසුම් හිගයක් මතුවිය හැකි බව ‘ටොප් ග්ලව්’ සමාගම කියයි

ඉදිරියේදී අත්වැසුම්වල හිඟයක් ඇතිවනු ඇතැයි ලොව විශාලතම අත්වැසුම් නිෂ්පාදන සමාගම වන මැලේසියාවේ ‘ටොප් ග්ලව්’ සමාගම ප්‍රකාශ කරයි.

යුරෝපයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අත්වැසුම් සඳහා දැවැන්ත ඉල්ලුමක් ඇතැයි ද එම ඉල්ලුම සමාගමේ නිෂ්පාදන ධාරිතාව ද ඉක්මවා ගොස් ඇතැයි ද එම සමාගම කියයි.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අත්වැසුම් මෙන්ම අනෙකුත් වෛද්‍ය සැපයුම්වලද දැඩි හිඟයක් නිර්මාණය වී ඇත.
 
ඉල්ලුම ඉහළ යෑමත් සමඟ නැව් මඟින් සැපයුම් ලබාදීමේ කාලසීමා දීර්ඝ කිරීමට පියවර ගත් බව ‘ටොප් ග්ලව්’ සමාගමේ විධායක සභාපති ලිම් වී චායි රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.
 
පසුගිය සති කිහිපයේදී යුරෝපයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇණවුම් ලැබුණු බවත් ඒ හේතුවෙන් සමාගමේ නිෂ්පාදන ධාරිතාව දෙගුණ වූ බව ද හෙතෙම කීය.
 
‘ටොප් ග්ලව්’ සමාගමට දිනකට ස්වභාවික සහ කෘත්‍රීම අත්වැසුම් මිලියන 200ක් නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය මේ වනවිට රටවල්, පරිපාලන සහ ප්‍රදේශ 202 කට ව්‍යාප්ත වී ඇත. වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. යුරෝපයෙන් අඛණ්ඩව මරණ වාර්තා වේ.

‘‘ඇතැම් පාරිභෝගිකයන් බිය වෙලා ඇණවුම් කරලා. ඔවුන් සාමාන්‍යයෙන් මාසයකට ඇණවුම් කරන්නේ කන්ටේනර 10ක්. එහෙත් ඔවුන් දැන් එක්වරම 20ක් ඇණවුම් කරලා’’ යැයි ද ලිම් වී චායි කීය.
 
‘‘පෞද්ගලික ආරක්ෂණ මෙවලම්’’වල දැඩි හිඟයක් පවතින්නේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සිකුරාදා අනතුරු ඇඟවීය. වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීමට එය දැඩි තර්ජනයක් වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේය.
 
‘‘අත්වැසුම්වල දැඩි හිඟයක් තිබෙනවා. පාරිභෝගිකයන් සියයට සියයක් ඇණවුම් කරනවා. අපට නිෂ්පාදනය වැඩි කළ හැක්කේ සියයට 20කින් පමණයි. ඒ නිසාය සියයට 50ත් 80ත් අතර හිඟයක් ඇතිවෙනවා’’ ලිම් වී චායි කීය.
 
මෙලෙස මිලදී ගැනීමේ ප්‍රවණතාව මාස තුනක් පමණ පවතිනු ඇතැයි ද ආසියානු වෙළෙඳපොළවලින් ඉල්ලුම් අඩු වුවත් තවත් මාස නවයක් යනතුරු ඇණවුම් ඉදිරිපත් වනු ඇතැයි ද ලිම් වී චායි පැවැසීය.
 
මේ තත්ත්වය නිසා ඇණවුම් බාරදීමේ කාලසීමාව දින 30 සිට දින 150 දක්වා දීර්ඝ කිරීමට සමාගම පියවර ගෙන ඇත.
 
සියලු පාරිභෝගිකයන්ට සේවා සපයන බවත් අමතර අත්වැසුම් ප්‍රමාණයක් බාරදීමටත් කටයුතු කරන බව ද හෙතෙම කීය.
 
‘‘අපි පාරිභෝගිකයන් ඉල්ලන ප්‍රමාණය ලබාදෙනවා. ඒ වගේම එක් පාරිභෝගිකයකු වෙනුවෙන් මිලදී ගන්නා ප්‍රමාණය සීමා කරන්නැයි ද ඉල්ලනවා. අපි මේක කළමනාකරණය කරගන්න ඕනෑ. ඒත් මෙය අපට විසඳගන්න ආපු හොඳ ප්‍රශ්නයක්’’ ඔහු කීවේය.
 
සමාගම සෑම සතියකදීම නිෂ්පාදනය සඳහා නව යන්ත්‍ර යොදවන බවත් ඒ අනුව නිෂ්පාදනය සියයට 30කින් වැඩි කළ හැකි බවත් ලිම් කීය.

‘ටොප් ග්ලව්’ සමාගම මේ මාසයේදී එම කර්මාන්තශාලාවල උපයෝගීතාව සියයට 10 සිට සියයට 95 දක්වා වැඩ කළ අතර අප්‍රේල් මාසයේදී එහි උපරිමයට ළඟාවනු ඇත.
 
සමාගම නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යෑම සඳහා සේවකයන් 1,000 දෙනකු බඳවාගෙන ඇත. සමාගම සාමාන්‍යයෙන් සේවකයන් බඳවා ගන්නේ නේපාලයෙනි. කෙසේ නමුත් සංචාරක සීමා නිසා සමාගම මැලේසියාවෙන් සේවකයන් බඳවාගැනීමට පියවර ගෙන ඇත.
 
‘‘අපට සේවකයන් අවශ්‍යයි. සියයට 10ක පමණ අවශ්‍යතාවක් තියෙනවා. සංචාරක සීමා නිසා අපට නේපාලයෙන් සේවකයන් බඳවාගන්න බැහැ. ඒ නිසා අපි මැලේසියාවෙන් සේවකයන් බඳවාගන්න තීරණය කළා. විශේෂයෙන්ම ඇසුරුම් සඳහා මේ සේවකයන් යොදාගන්නවා’’ යැයි ද ලිම් කීය.
 
මැලේසියාව සම්පූර්ණයෙන් වසා දැමීමට පියවර ගෙන ඇති අතර එම සීමා ඉවත් කෙරේනේ අප්‍රේල් 14 වැනිදාය. අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන අංශවලට නිෂ්පාදන කටයුතු කරගෙන යෑම මැලේසියාව අවසර දී තිබෙන අතර දැඩි සහ විශේෂිත කොන්දේසි යටතේ එම නිෂ්පාදන කටයුතු කළ යුතුය. 
 
රොයිටර්
 
055

 



අදහස් (0)

අත්වැසුම් හිගයක් මතුවිය හැකි බව ‘ටොප් ග්ලව්’ සමාගම කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1649 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site