(නිමන්ති රණසිංහ)
අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත රාජ්‍ය හා පෞද්ගලික අංශවල සේවකයන්ට ඇදිරි නිතී බලපත‍්‍රය ලෙස සිය රාජකාරි හැදුනුම්පතට අමතරව සේවා ස්ථානයේ ප‍්‍රධානියා විසින් සහතික කරන ලද ලිපියක් ද අවශ්‍ය බව අවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ අනුව මෙම නව කොන්දේසිය හෙට (10) සිට කි‍්‍රයාත්මක වන බවත්, එය වෛද්‍යවරුන් සහ මාධ්‍ය ආයතනවල සේවකයින්ට අදාළ නොවන බවත් ලංකාදිප කළ විමසීමකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය.
අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සාමාජිකයින් සිය රාජකාරි හැදුනුම්පත මෙන්ම ජාතික හැදුනුම්පතට අමතරව මෙම සේවාස්ථාන ලිපියද අනිවාර්ය බවත්, ඇතැම් පුද්ගලයින් එම හැදුනුම්පත අවභාවිත කරමින් කටයුතු කිරිමේ සිද්ධි වාර්තා වීම හේතුවෙන් මෙම කොන්දේසිය පැනවූ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එසේම, අතව්‍යවශ්‍ය සේවා සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත‍්‍ර ලබන 30 වැනිදා තෙක් වලංගු වන බැවින් එම බලපත‍්‍ර ක්ෂණීකව අලූත් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද මෙහිදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.
COMMENTS
අනේ මේ ඔහේගේ බයිලා.... ඔයාගේ නීති ඔක්කොම සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි.ගිය සුමානේ පොහොට්ටු හොරු කරපු වැඩ නවත්වන්න තරම් ශක්තියක් නැහැ නේද? ඔහෙට ලැජ්ජයි.
මේ විදිහට මේ ඇදිරි නිතිය තව කොපමණ කාලයක් දමන්නද ?