IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් ගෙන්වන්න යයි

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
 
බෝ නොවන රෝග ඇතුළු දෛනික සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවේ සිට හෙට (07) ආනයනය කරන බව රජය පවසයි.
 
රජයේ ඉල්ලීම මත එම ඖෂධ ගෙන ඒමට කටයුතු යොදා ඇතැයි පැවසේ.
 
කොරෝනා වයිරසය පැතිරයාම සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජය සහ සමගි ජන බලවේගය අතර අද (06) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
 
සෞඛ්‍ය සහ තවත් ක්ෂේත්‍ර රැසක ඉදිරි පියවර පිළිබඳව ද රජයේ සහ සමගි ජන බලවේගයේ අවධානය මෙහිදී යොමුවිය.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ  ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු  ද, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර හා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරු ද එක්ව සිටියහ.

 



අදහස් (1)

අත්‍යවශ්‍ය ඖෂධ රැසක් ඉන්දියාවෙන් ගෙන්වන්න යයි

jayath Monday, 06 April 2020 02:00 PM

ටක්කෙටම රජය, මේ ගෙන්නන බෙහෙත් ගැන විශේෂඥ උපදෙස් ගන්න ඇත්තේ අරගෙන වෙන්න ඕන... මොකද මිනිහ තරම් මේ වැඩේට සුදුස්සෙක් මේ වෙලාවේ ලංකාවේ නැහැ... මට බය who එක වගේ තැනකින් මිනිහව "ඉස්සුවොතින් " මේ දෙරණට අගනා සේවයක් කල හැකිකෙනෙක් නැතිවෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site