(රංජන් කස්තුරි , ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නව කොරෝනා වයිරසය පැතිරයාම වළැක්වීමේ අරමුණින් කලුතර දිස්ත්‍රික්කයේ අටුළුගම ග‍්‍රාමය අද (2) පස්වරුවේ සිට සම්පුර්ණයෙන් වසා තැබීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
මෙම ගමේ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ඔහු ඒ බව නොදැන ගමේ නිවෙස් බොහොමයකට ගොස් ඇති බවට කරුණු අනාවරණය වීම නිසා මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව අටළුගම නිවාස 26 ට අයත් පුද්ගලයන් 200 දෙනකු පමණ සම්පුර්ණයෙන්ම ස්වයං නිරෝධායනයකට ලක්කර සිටින අතර කිසිවකුට ගමෙන් පිටවීමට හෝ ගමට ඇතුලූ වීමට හෝ අවසර නොදෙන බව ආරක්ෂක අංශ කියයි.
පොලිස් විශේෂ කාර්යය බලකාය සහ යුද හමුදාවේ නිලධාරීන් යොදාවා ඇඳීරිනීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත් පොලිසිය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය,ඇමරිකාව වැනි රටවල් වල ස්ථාවර ආණ්ඩු තිබියදීත් ඒ රටව් ක්‍රියා කරන ආකාරය දිහා බැලුවම ලංකාවේ ගෝඨා ඇතුලු කීප දෙනෙක් එකතු වෙලා කරන මේ වැඩ ටික ඇත්තටම ප්‍රශංසනීයයි. මගේ ඥාතියෙක් ඉන්නවා එංගලන්තේ. එයාට කොරෝනා බෝවෙලා පාසලකින්. රෝහලට දන්වලා ගියාම ගෙදරට වෙලා ඉන්න කියලා. ආපසු යවලා. ඔන්න සලකපු විදිය. එයාට දැන් සුව වෙලා. පාසල ගැන කිවුවම කිසි ගානකට අරන් නැහැ.
ජාතිවාදය අවුස්සනවා නෙමෙයි. මේ ගම්මානේ හිටපු රෝග වාහකයා දිගටම තමන්ගේ පුතා රට ඉදල ආවා කියන එක වසන් කරා. කොටින්ම මේ පුතා කොළඹ රතු පල්ලියේ පූජාවට ගියා කියලාත් වහන් කරා. මේ මනුස්සයට තේරුම් ගන්න මොලයක් තිබුනේ නැහැ මේ රෝගෙන් වලකින්න පුළුවන් සමාජ සම්බබන්ධතා දුරස් කිරීමෙන් මිසක් වන්දනා කිරීමෙන් නෙමෙයිි කියන එක. ඒ වගේම අර පෙරේදා ජයවර්ධනපුර රෝහලට සම්පූර්ණ බොරු විස්තර දීලා ඇතුල්වෙලා රෝගීන්, රෝහල් කාර්ය මණ්ඩලය විතරක් නෙමෙි මුළු මහත් සමාජම අනතුරට ඇදලාා දාපු කදානේ පුද්ගලයත් එහෙමයි. තේරෙන්නේ නැහැ ඔවුන් මේ විදියට හැසිරෙන්නේ හිතාමතාමද එහෙම නැත්නම් ඇත්තටම මොලේ නැති හින්දද කියලා?
මේ තත්වයේ හැටියට ඇදිරි නීතිය තවදුරටත් පවත්වාගන්න වෙනවා. ඒ වගේම හැමෝටම කොරෝන කියල හිතලා වැඩ කරන්න වෙනවා. රෝහල් වල අය තේරුම් ගන්න....