අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (7 වැනිදා) රාත්‍රී 7.45 ට රූපවාහිනී නාලිකා ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රටේ දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් රජය විසිනු ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අගමැතිවරයා එහිදී ජනතාවට දැනුවත් කරනු ඇත.
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්
Raveenda Tuesday, 07 April 2020 01:47 PM
මිට පෙර බලයේ සිටි ගොයියොත් උදේ සවස විශේෂ ප්‍රකාශ කර උදේ කියපු දෙයට හාත්පසින්න විරුද්ධ දෙය සවස කියපු අවස්ථා නොතිබුනාම නොව. එලෙස ගත් කල ඒ සියලුම විශේෂ ප්‍රකාශන විහිළු බවට පත්වූ අවස්ථාද තිබිණි. ඒ කෙසේ වෙතත් කතාව අඩුවෙන් ක්‍රියාව වැඩියෙන් කරොත් මහජනතාවට යහපතක් වෙනු ඇත. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි තීන්දු තීරණ රටේ මුල් පුරවැසියා විසින් සැමවිටම ගනු ඇතැයි අප තරයේ විස්වාස කරන්නෙමු. මොකද මේ අවදානම් අවස්ථාවේ " එක එකාව " නලව නලවා සිටීමට හෝ " එක එකාගේ " සිත් සතුටු කිරීමට කාලයක් නොමැති බැවිනි.
ass charyaWednesday, 08 April 2020 04:54 AM
ඇත්තද රවින්ද්‍ර ඔන්න බලලා එලියට පැන්න. මෙච්චර කල් 225ම විවේචනය කර කර කෙකර ගෑවේ මොකටද කියලා මේක හැමදාම බලන පාටකයන්ට දැනුයි තේරුනේ.
Chathuri Tuesday, 07 April 2020 01:57 PM
ජනතාවගෙන් සමාව ඉල්ලන්න 225 නඩේ. මෙවැනි මාරාන්තික රෝගයක් එනබව හිතුවේ නැහැ. ඒ නිසා රටේ මුදල් සේරම ප්‍රධාන පක්ෂ දෙක හොරා කෑවා. පවුල් පිටින් රට සවාරි ගියා. දැන් රටේ මේ අවස්ථාවේ මුදල් නැහැ. අහාර හිගයක් එනවා.බෙහෙත් හිගයක් තියෙනවා. මේ සේරටම මුදල් නැහැ. අපි මේ විදියට ඇදිරිනීතිය දමන්නේ. ඒ නිසයි. සීමිත ප්‍රමාණයක් එක පවුලකට දෙන්න පුළුවන්. නමුත් දුප්පත් අසරණ මිනිසුන් අපිට වැහිනැති හෙන ඉල්ලමින් නඩේට සාප කරනවා. ඒ නිසා. නඩේ එලියට බහින්න බයයි. කොරෝනා හැදුනොත් සිංගප්පූරු රෝහලට යන්න බැරි නිසා. මේ ටිකේ මල් වට්ටිය අරන් පන්සල් යන්නත් බැහැ. දෙවියන්ගෙන් කිසිම සමාවක් නැති නිසා හොරකම් කරපු සල්ලි කොරෝ වලදෙන්න කලින් නැවත දෙන්න ක්‍රියා කරනවා.
RaveendraTuesday, 07 April 2020 02:53 PM
1.අපි මේ විදියට ඇදිරි නීතිය දමන්නේ ඒ නිසා. 2.නඩේ එළියට බහින්න බයයි. කොරෝනා හැදුනොත් සිංගප්පූරු රෝහලට යන්න බැරි" ).ඔබගේ වටිනා අදහස්වලට ගරු කරන අතර ඉහත සදහන් වාක්‍ය දෙක සමග අපට නම් කොහෙත්ම එකග විය නොහැකි බව කාරුණිකව දැන්වීමට කැමැත්තෙමු. ඇදිරිනීතිය මගින් මහජනතාව "හැකිතාක් දුරට හුදකලා කිරීමට" උත්සහ කරන බව විශේසඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත සිදුවූවක් බව කිව හැක. ඔබගේ දෙවෙනි වාක්‍ය ද "ඉතාම හාස්‍ය "දනවන බවද දැන්වීමට කැමැත්තෙමු. මක්නිසාදයත් "තිරිසන් සතුන්ට " මෙම වෛරසය මගින් ජිවිත හානි සිදු නොවන බැවිනි. එසේ ගත කල දියවන්නා ඔයේ මීහරක් 225 පට්ටියට ඉහෙන් බහින් වෛරස ගැටළුවක් නම් මතු නොවන බව ඉරහද මෙන් විස්වාස කළ හැක. එනමුත් එම තිරිසනුන් බයවී ඇත්තේ උන් මනුෂ්‍යන් යයි සිතාගෙනය. නමුත් ඔබ අප මෙන් සියලුම ලාංකිකයන් දන්නේ ඒ තිරිසනුන් බවය.
siri Tuesday, 07 April 2020 02:46 PM
වැඩිකල් යන්න කලින් චීනය මුළු ලෝකයේම තියෙන "තුන්වන ලෝකයේ" කියලා හඳුන්වන වර්ගයේ රටවල් ඔවුන්ගේ අණසක යටතට ගන්න බව ඉතාම පැහැදිලියි. අපිත් ඉන්නේ ඒ අතරේ තමයි. මොකද මේ වසංගතය නිසා බටහිර රටවල් සියල්ලම දැන් බලවත් ආර්ථික සහ සමාජ ව්‍යසනයකට පත්වෙලයි ඉන්නේ. ඔවුන්ට වෙනත් කිසිම රටකට මේ වෙලාවේ උදව් කරන්න ශක්තියක් නැහැ. චීනයට එවැනි අර්බුදයක් නැති බවයි පෙනෙන්නට ඇත්තේ. ඉතින් ඔවුන් අනිවාර්යයෙන්ම මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන දුප්පත් රටවලට මුදලින් සහ බඩු බාහිරාදියෙන් සීමා රහිතව උදව් කරාවි. බොහෝවිට ඒ රටවලට වෛද්‍යවරු හෝ වෙනත් සහායකයින් ලෙස චීන ජාතිකයින් බොහෝ ගණනක් යවන්නටද ඉඩ තියෙනවා. ඉන්පසු ඒ රටවලට කටයුතු කරන්න වෙන්නේ චීනය ගහන බෙර පද වලට බවයි පෙනෙන්නේ. අපේ කට්ටියනම් බෙරේ ගහන්නත් කලින් අඩව් අල්ලන්න පටන්ගනිවී.