(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ පළමු කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයා මහනුවර , අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ එම ගම්මානය ඇතුළුව අකුරණ තෙළඹුගහවත්ත සහ අවට ප්‍රදේශ සම්පූර්ණයෙන්ම වසා දමා ඔහු ඇසුරු කළ පුද්ගලයින් සෙවීම මේ වන විට අරඹා තිබේ.
ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ එක්ව මෙම විශේෂ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර , වයිරසය ආසාදිත පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සහ අසල්වාසීන්ද නීරෝධායනට ලක් කිරීමට පියවර ගෙන ඇත.
මෙම ගම්මානය තුලට සහඅවට කිසිදු වාහනයකට ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන අතර ආරක්ෂක අංශ මගින් ප්‍රදේශයේආරක්ෂාවද තර කර තිබේ.
COMMENTS
මෙයාලා ජීවත්වන ප‍්‍රදේශ ගැන ඉතින් කතාකරලා වැඩක් නැහැ. ඉන්දියාවෙ පොලිසිය වගේ තමයි මෙයාලට සලකන්න ඔනේ.... ඇදිරි නීතිය තිබුණත්, නැතත් මෙයාලා පාරෙ....
එක්කෙනෙක් ඇති ගමක් වහන්න .බලන්න කී දෙනෙක් මේකෙන් අපහසුතාවයට පත්වෙනවද කියලා . කවුරු කවුරුත් රටේ නීති රීති හරියාකාරව පිලිපදිනවනම් මේ අවස්තාවෙදිවත් ටිකක් හෝ සහයෝගයක් ලබයි මේ සදහා උදේ හවා කැපවීමෙන් වැඩකරන රජයේ සියලු පාර්ශවයන්ට