IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අක්බාර් බ්‍රදර්ස් සමාගමෙන් රුපියල් මිලියන 100ක ආධාර

අක්බාර් බ්‍රදර්ස් සමාගම රුපියල් මිලියන 100ක වටිනාකමින් යුත් ආධාර, පීඩාවට පත්වී ඇති සාමාන්‍ය ජනතාව සහ තම සේවක ප්‍රජාව වෙත සහන සැළසීම සඳහා ලබාදීමට තීරණය කර ඇත.

කොවිඩ් - 19 ‍වයිරසයේ බලපෑමෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම සම්බන්වධ අධ්‍යනය කිරීමෙන් පසු එම තීරණය ගත් බව ඔවුහු පවසති.

‍එහි ප්‍රථම පියවර ලෙස , ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කර ඇති කොවිඩ් - 19 සෞඛ්‍ය ආරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 50ක මුදලක් ලබාදීමට ඔවුන් පොරොන්දු වී ඇත.  

ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් තම දායකත්වය දිගටම ලබාදෙන බව පවසන එම සමාගම හලාවත නව සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද සිය දාකයත්වය ලබාදෙන බව පවසයි.

මෙයට අමතරව තම සමාගමේ සියලු සේවකයන් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම, සනීපාරක්ෂක උපකරණ සැපයීම ඇතුළු සියලු පහසුකම් සැළසීමට ද අක්බාර් බ්‍රදර්ස් තීරණය කර ඇත.

එමෙන්ම ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන, කතෝලික පල්ලි සහ මුස්ලිම් පල්ලි වෙත සහ ප්‍රදේශවාසී ජනතාව වෙත වියළි සලාක බෙදා හැර තිබේ.

අක්බාර් බ්‍රදර්ස්හි අධයක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය සියලු ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ සනීපාරක්ෂක ක්‍රමෝපායයන් අනුගමනය කරමින් මෙම කර්තව්‍යයන් ඉටුකරන අතර ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ ආයතනයක් ලෙස මෙවැනි අවස්ථාවක දී ජනතාවට උපකාර කිරීමට හැකිවීම පිළිබඳ ආඩම්බරයට පත්වන බවයි.

085



අදහස් (4)

අක්බාර් බ්‍රදර්ස් සමාගමෙන් රුපියල් මිලියන 100ක ආධාර

චතුෂ කුමාර Tuesday, 31 March 2020 08:48 AM

අක්බාර් බ්‍රදර්ස් සමාගමට තෙරුවන් සරණයි.

:       0       1

bandara Tuesday, 31 March 2020 09:11 AM

මෙම ජාතික ආපදා අවස්ථාවේදී ක්‍රියාවේ වටිනාකම කියා නිමකරන්න වචන නැත. මේ උතුම් කාර්ය සඳහා සම්බන්ධ වුන ආයතනයේ සියලු දෙනාටම අප්‍රමාණ පින්.

:       0       4

siri Tuesday, 31 March 2020 09:36 AM

අර නාලිකා දෙකේ මේ කතාව ගැන කිවේ නැද්ද? කීවා නම් මේ සමාගම මුස්ලිම් ජාතිකයෙකුට අයිති එකක් කියල කියන්න නැතුව ඇති මගේ හිතේ.

:       0       1

athuraWednesday, 01 April 2020 04:26 AM

අනිවාර්යෙන්ම. මම මේ බැලුවේ ඒ දවස්වල හම්බයෝ හම්බයෝ කියල අදහස් පළකල එක්කෙනෙක්වත් දැකලත් නැද්ද කොහෙද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 373 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site