IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුවේටයේ ලාංකිකයින් පිරිසක් එරට තහංචි නොතකමින් උද්ඝෝෂණයක

( තිළිණි ද සිල්වා )

වීසා නොමැතිව නීතිවිරෝධීව කුවේටයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් හාරසියයකට ආසන්න  පිරිසක් යලි ශ්‍රී ලංකාවට පැමීණීම සදහා  ලිපියක් නිකුත් කරන ලෙස ඉල්ලා   එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටට පැමිණ  උද්ඝෝෂණයක නිරතවී ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම පිරිස ඊයේ (21) පෙරවරුවේ මෙම උද්ඝෝෂණයේ නිරතව ඇතැයිද පැවසේ.

මෙලෙස මෙම ලාංකිකයින් පිරිස  කොරෝනා වෛරසය නිසා කුවේටය පුරා පනවා ඇති දැඩි නීතිරීතිද නොතකමින් මෙම උද්ඝෝෂණය කළ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

වීසා නොමැතිව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඇතුළු විදෙස් ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ලබා දී ඇති අතර ඔවුන්ට යළි ශ්‍රී ලංකාවට යෑමට නොමිලේ ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දෙන බවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලිපියක් ගෙන එන ලෙසට කුවේට් රජය දැනුම් දී ඇත.

මෙම ලිපිය ලබා ගැනීම සඳහා තමන් දින කීපයක් තිස්සේ තානාපති කාර්යාලයට පැමිණී බවත් , එලෙස ඊයේ (21) අලුයම  හතරේ සිට එහි රැඳී සිටියත් තානාපති කාර්යාලයේ එම ලාංකික ශ්‍රමිකයින් සමග කිසදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද එම තානාපති ආරංචි මාර්ග කියා සිටී.

වීසා නොමැතිව රැඳී සිටින ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් මෙම මාසය ඇතුළත එරටින් පිටවිය යුතු බවට නීති පනවා ඇතත් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඊට අදාළ ලිපි ලේඛන ලබා නොදෙන්නේ යැයි එම ලාංකිකයෝ චෝදනා කර සිටිති.

මේ අතර අද (22) එරට සිටින ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ  නිවේදනයක් නිකුත් කරමින් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටියේ කුවේට් රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයින් දඩ මුදල් ගෙවීමකින් තොරව සියරට යැවීම සඳහා ශ්‍රී ලංකා රජය කුවේට් රජය සමඟ නිරන්තරයෙන් කටයුතු කරමින් සිටින බවය.

නමුත් යලි දිවයිනට  යැවීමේ ක්‍රියාවලිය ඇරඹිය හැක්කේ ලංකාව තුළ කොරොනා වෛරසය ව්‍යාප්තිය පාලනය කොට කටුනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපල විවෘත කිරීමෙන් අනතුරුව යැයිද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී.



අදහස් (14)

කුවේටයේ ලාංකිකයින් පිරිසක් එරට තහංචි නොතකමින් උද්ඝෝෂණයක

හරේන් Wednesday, 22 April 2020 01:36 PM

මේ තානාපති කාර්යාල තනිකර සුදු අලි. සල්ලි කකා ඉන්නව කිසිම සේවයක් නෑ. වීසා නැතුව ඉන්න අය ගැන නං කතා කරල වැඩක් නෑ. ඒ වුණාට ඒ මිනිස්සුන්ට අඩුගානෙ සාකච්ඡාවක් දෙන්න තිබුණා.

:       237       515

samanWednesday, 22 April 2020 05:10 PM

ලාංකිකයින් හැටියට මෙයාල වැටිලා ඉන්න තැන ගැන දුකයි. ඒත් සාකච්චාවක් දෙන්න පුළුවන් විදිහට නෙවේනේ එයාල හැසිරුනේ...

:       121       48

ජයරත්න Wednesday, 22 April 2020 01:56 PM

අපේ සල්ලි පිටට ගෙනියන ශිෂ්‍යයින්ව ගේන්න පුළුවන් නම් අපේ රටට සල්ලි ගේන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න බැරි ඇයි? ඇයි මේ දෙවිදියකට සලකන්නේ?

:       433       901

jayaWednesday, 22 April 2020 02:19 PM

කතාව ඇත්ත. අනෙක මොනවද ඉගෙන ගන්නේ..? මැෂින් පවා හොද ලංකාවෙ තමයි...

:       3       78

samWednesday, 22 April 2020 05:13 PM

නිත්‍යානුකුලව ඉන්න සිසුන් සහ විසා නැතුව නීති විරෝධිව ඉන්න අය සමාන කිරීමට හෝ බැරි බව තේරුම් ගැනීමට ඔබට බුද්ධිය පහල වේවා...!!!

:       586       394

jayaThursday, 23 April 2020 04:02 AM

ගෙන්නපු ළමයි ඉහල පන්තියේ අය. මෙතන නිත්‍යනුකූල ප්‍රශ්නයක් එම රටෙන් නම් නැහැ.

:       0       51

JayThursday, 23 April 2020 03:20 AM

ජයරත්න , නීති විරොධීව ඉන්න කට්ටිය සහ නීත්‍යානුකූලව ගොස් සිටින සිසුන් කියන්නෙ කොටස් දෙකක් බව තෙරුම් ගන්න. අනික ගොඩක් කට්ටිය කියන්නෙ රටෙ සල්ලි වියදම් කරගෙන් පිටරට ගොස් සිටින සිසුන් කියල. නමුත් ඔවුන් එසේ ගොස් ඇත්තේ ඔවුන්ගේ මුදලින් හෝ ශිෂ්‍යත්ව වලින් බවත් තේරුම් ගන්න...

:       1       1

Mahesh Wednesday, 22 April 2020 02:14 PM

ශිෂ්‍යයින්ව ගේන කොට ගුවන් තොටුපොලවල් කතාව අදාල වුනේ නෑනේ. ඇයි මේ මිනිස්සුන්ට විතරක් ඒක අදාල වෙන්නේ...? දේශපාලනය කරන අයගේ ළමයි නැති නිසාද..?

:       141       231

Thushara Sampath Edirisinghe Wednesday, 22 April 2020 02:20 PM

අපේ රටට සල්ලි ගේන මිනිස්සුන්ට සාධාරණයක් කරන්න බැරි ඇයි?

:       0       136

lalithm Wednesday, 22 April 2020 02:48 PM

අපේ විදෙස් විනිමය කාල පිටරටවල්වල ගිහින් ඉගෙන ගන්නේ වෙනත් රටවලට සංක්‍රමණය වීමේ පරම පවිත්‍ර චේතනාවෙන්.... ඒ අය රටේ ඉහල පෙලන්තියේ අයගේ තොත්ත බබාලා. ඉතින් ඒ අයට නොසලකා කම්කරුවන්ට සලකන්න කියලද ඔහෙලා කියන්නේ?

:       828       1144

gamayaThursday, 23 April 2020 01:14 AM

එයාලගේ පන්තියේ අයට එහෙම තමයි. මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නැහැ ඡන්දය වුනත් තියාවි

:       0       1

de silva berlin Thursday, 23 April 2020 01:12 AM

සිසුන් ලංකාවට ගෙන්න ගන්න පුලුවන්නම් මේ ශ්‍රමිකයෝ ගෙන්න ගන්න බැරි මොකද ? මේ ශ්‍රමිකයෝ අපේ රටට විදේශ විනිමය ගෙනත් දීපු පුරවැසියන් , ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු විදේශ රැකියා කාර්යාංශය හරහා රක්ෂණය වුන පුද්ගලයන් ඔවුන්ට මොනවද දැන් ලැබෙන්නේ ? අසරණ වෙලා ඉන්න ඔවුන්ට අඩුම තරමේ කන්න , බොන්න ඉන්න හිටින්න තැනක්වත් සපයනවද ? රජය අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ ලංකාවේ සිටින්න යැපෙන්නන් ගැන සොයල බැලුවද ?

:       0       17

Anton Austria Thursday, 23 April 2020 07:12 AM

ඩී සිල්වා ඔයා කියන විදිහට දැන් වැරදි රජයද? මෙච්චර කල් හිටියේ ඇයි? වීසා නැතුව අවසරයක් නැතුව අනික ලංකාවට විදේශ විනිමය ලැබෙන්නේ කියලා රට දියුණුවෙන් ඉන්නේ මෙයාලා කියලා ඔයාලා කියන එක වැරදි අපේ රටේ ගොවියෝ කරන්නේ එතකොට පිටරටට විදේශ විනිමය දෙන එකද? ගොන් කතා කියන්න එපා... අනික ලංකාවේ නොඉඳ රට යන්නේ වැඩිපුර යමක් හොයන්න හා අනිත් අයට වඩා හොඳ ජීවිතයක් ගත කරන්න. එහෙම නැතුව අපේ රටට විදේශ විනිමය ගෙනත් දෙන්න ඕන හින්දා රට යනවා නෙමේනෙ. අපි රටවල් වල හිටියට ආත්මාර්ථකාමී නොවී ඉමු...

:       4       0

de silva berlin Thursday, 23 April 2020 01:55 PM

ඇන්ටන් ඔබ ඉන්නේ ඔස්ට්‍රියාවේ නම් ඔබ හොඳින්ම දන්නවා ඔස්ට්‍රියන් රජය මෙවැනි ප්‍රශ්නෙකදී තීන්දු තීරණ ගන්න කොට ඔස්ට්‍රියන් පුරවැසියන් සියලු දෙනාටම එක හැන්දෙන් බෙදන බව. මෙතන වෙලා තිබෙන්නේ බලවතුන්ගේ දරුවන්ට එක විදිහකටත් රජය විසින් රක්ෂණ මුදල් අයකරගත් දුප්පත් ශ්‍රමිකයන්ට වෙන විදිහකටත් සැලකීමය, කවුරුවත් රට ඇතුලට ගන්නේ නැතිනම් සියලු දෙනාටම එම නීතිය එක ලෙස ක්‍රියාත්මක කරන්න, එහෙම නැතිනම් රජය විසින් රක්ෂණ මුදල් අයකරගත් රජයේ ලියාපදිංචි ශ්‍රමිකයන්ට ප්‍රමුඛත්වය දී ඔවුන්ව මුලින්ම ලංකාවට ගෙනත් නිරෝධායනය කර සමාජ ගත කරන්න එක රජයේ වගකීමක්, සිසුන් විදේශ ගතවන විට මෙවැනි රක්ෂණයක් රජය හරහා සිදු වන්නේ නැත, එමනිසා සිසුට ප්‍රමුඛත්වයක් දෙන්න රජය බැදී නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site