(ශාන්ත චන්ද්‍රසිරි)
උණ, හා කැස්ස වැනි රෝග ලක්ෂණ සහිතව තලවකැලේ බස් නැවතුම් පොල භූමියේ සිටි යාචක රෝගී පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව බස් නැවතුම්පොල හා බස් රථ විෂබීජහරණය කිරීමට කිරීමට අද (21) පියවර ගත්බව තලවකැලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්මාල්ද සිල්වා මහතා කීය.
මෙම යාචක පුද්ගලයා බගවන්තලාව ප්‍රදේශයේ සිට තලවකැලේට පැමිණ ඇති අතර, පසුව ඊයේ (20) උදෑසන සිට බස් නැවතුම්පොලේ නවාතැන් ගෙන ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තොරතුරු හෙළි කර ගෙන තිබේ.
ඒ අනුව බස් නැවතුම්පොල හා ඊයේ (20) සිට බස් නැවතුම්පොලට පැමිණි සියළුම බස් රථ විෂබීජ නාශක යොදා මෙසේ පිරිසිදු කිරීමේ කටයුතු තලවකැලේ ලිඳුල නගර සභාව විසින් සිදු කරනු ලැබීය.
යාචක පුද්ගලයාගේ මතුව ඇති රෝග ලක්ෂණ අනුව එම පුද්ගලයා ආරක්ෂාකාරිව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණයන් සිදු කිරීම සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොරෝනා යැයි සැක යාචකයෙක් රෝහල්ගත කරයි