IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


කතරගම දේවාලයේ නිරෝධායන නීති කඩ කිරීමට එරෙහිව නඩු පවරන බව දිසාපති කියයි

(එම්.කේ. නන්දසේන)

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජා කටයුතු කරන අවස්ථාවන්හිදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බැතිමතුන් අසීමිත අයුරින් දේවාලය තුළට ගැනීම ඉතා බරපතල වරදක් බැවින් අදාළ කපු මහතුන් ට හා වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පැවසීය.

අප රට තුළ කොරෝනා වසංගතය යම් මට්ටමකට මැඩ පැවැත්වුවද ඉන්දියාව, තමිල් නාඩුව වැනි රට වල බරපතළ අයුරින් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතින නිසා අප රටේ ජනතාවද ඉතා සුපරික්ෂාකාරීව සිටිය යුතු බවද කියා සිටියේය.

යමිකිසි විදියකින් කොරෝනා වයිරසය ආසාධිතවූ පුද්ගලයෙකු දේවාලයේ බැතිමතුන් පිරි සිටින අවස්ථාවක ඇතුළු වුවහොත්  කතරගම ඇතුළු රට පුරා මෙම රෝගය ව්‍යාප්ත විය හැකි බවත්, කතරගම ප්‍රදේශය ද වසා දැමීමට සිදු වන බවත් අවධාරණය කළේ ය .

මේ නිසා දුරස්ථභාවය, මුඛ ආවරණ, දෙඅත් සේදීම වැනි නිරෝධායන සෞඛ්‍යය උපදෙස් තරයේ ම පිළිපැදිය යුතු බවද දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

 

 



අදහස් (6)

කතරගම දේවාලයේ නිරෝධායන නීති කඩ කිරීමට එරෙහිව නඩු පවරන බව දිසාපති කියයි

Wasantha Sunday, 21 June 2020 11:20 AM

තොණ්ඩමන්ලාට නැති පෙරටුගාමීන්ට ඇති, රාජපක්ෂලාට නැති කතරගමට ඇති ශ්‍රී ලංකාවේ අරුම පුදුම නීතිය..

:       0       52

lal Sunday, 21 June 2020 11:24 AM

ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා ලෝකේ පුරාම. ඉන්දියාව දිහා බැලුවාම තත්වය තේරෙනවා. රටවල් ආර්ථික වශයෙක් අන්තෙටම වැටිලා. මෙහේ පෙරහැර කරනවා සෙනග රැස් කරගෙන. එලොව යන්න වෙන් ඇති. ගියාට කමක් නැහැ. රටේ අනෙක් මිනිස්සුන් පව් ගෙවන්නේ මේ කරන වැඩවලට...

:       0       0

Ranjith Sunday, 21 June 2020 11:25 AM

කොරෝනා වෙලාවේ ශේප් එකේ දිව්‍ය ලෝකේ පැත්තේ ගිහින් හිටියට දැන් ඇවිල්ලා... මේ දිසාපතිතුමාට මොන දඬුවමක් දෙයිද දන්නේ නැහැ.

:       0       0

rana Sunday, 21 June 2020 11:28 AM

මහත්තයෝ කරලා පෙන්නන්ට...!

:       9       0

Asa Monday, 22 June 2020 01:32 AM

දෙයියෝම බලාගන්න ඕනේ...

:       0       0

chinthana Monday, 22 June 2020 07:26 AM

කවුද ඉතින් බස්නායක නිලමේ.? එයාටත් නඩුවක් දාන්න පුලුවන්ද.?

:       0       23

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site