IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඉන්දියාවේ කොරෝනා මරණ  200 පනී

කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 206 ක් බවට පත්ව තිබේ.

වෛරසය ආසාදනය වූ එරට මුළු රෝගීන් සංඛ්‍යාව 6,761 ක් වෙයි.

මේ අතරින් 516 දෙනෙක් සුවය ලබා සිටිති.

වැඩිම මරණ සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 97 ක් වෙයි.

එම ප්‍රාන්තයෙන් මේ වන විට වෛරසය ආසාදිත ‍රෝගීන් 1364 දෙනෙකු වාර්තා වී ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 125 ක් වෙයි.

මීළඟට වැඩිම මරණ සංඛ්‍යාව වන මරණ 17 ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර මේ වන විට එම ප්‍රාන්තයෙන් රෝගීන් 241 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මරණ 16 ක් වාර්තා වන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් හඳුනාගෙන සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 259 කි.

ආසාදිත රෝගීන් 720 දෙනෙකු වාර්තා වන දිල්ලි ප්‍රාන්තයෙන් මරණ 12 ක් වාර්තා වන අතර පුද්ගලයින් 25 දෙනෙකු සුවය ලබා ඇත.

ආසාදිත රෝගීන් 834 දෙනෙකු වාර්තා වන තමිල්නාඩු ප්‍රාන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇත්තේ මරණ 8 ක් පමණි.

කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 100 සිමාව ඉක්මවනු ලැබුවේ මීට දින 4 කට පෙරය.

-226-

(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)

 



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා මරණ  200 පනී

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site