IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


​වනාන්තර සමුළුවට ජනපති ඉතාලියේ

දේශපාලන කරළිය ද දිනෙන් දින ගිනියම් වෙමින් තිබේ. ගිය සතියේ ද දේශපාලන කරළියේ මාතෘකාව බවට පත්වූයේ මරණ දඬුවම යළි ගෙන එ්ම ගැනය. මරණ දඬුවම යළි ගෙන ඒමට විරෝධය පළකරමින්, විදේශීය රටවල් ගණනාවක් ද රජයට අනතුරු අඟවා තිබෙන මොහොතක එය යළි ක්‍රියාත්මක වේද යන්න සැක සහිතය.


මරණ දඬුවම යළි ගෙන ඒම ගැන ආණ්ඩුව ද එක මතයක නැත, මංගල සමරවීර ඇමැතිවරයා ආණ්ඩුවේ පමණක් නොව, එක්සත් ජාතික පක්ෂයේ ද ප්‍රබලයෙකි. ඔහු ගිය සතියේ උත්සවයක දී මරණ දඬුවම යළි ගෙන ඒම ගැන ප්‍රසිද්ධියේ විරෝධය පළ කළේය. මත්ද්‍රව්‍ය උවදුර එන්න එන්නම වැඩිවෙන නිසා, එය මැඩපැවැත්වීමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළි පැනවීම ජනාධිපතිවරයාගේ යෝජනාවකි. එහෙත් ඒ සම්බන්ධයෙන් එජාපය එතරම් කැමැත්තක් නැති බව ගිය සතියේ බොහෝ දෙනා අතර කතා බහට ලක්විය. මංගල සමරවීරගේ විරෝධය හරහා එළියට ආවේ එම විරෝධය බව ද සමහරු කියන්නට වූහ.


කෙසේ වුවද, යුරෝපා සංගමයත් තවත් රටවල් නවයකුත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව ආණ්ඩුවට විරෝධය දක්වා හමාරය. එම රටවල් මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන්නේ ලිපියක් මාර්ගයෙනි. මේ අතර අලුතින්ම කියවුණේ මරණ දඬුවම ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. සහනය නතර කරන්නට යන බවට යුරෝපා සංගමය රජයට දන්වා ඇති බවය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සති අන්තයේ ඉතාලිය බලා පිටත්ව ගියේ ලෝක වනාන්තර සමුළුවට සහභාගිවීම සඳහාය. ලක්ෂ්මන් සෙනෙවිරත්න, ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් ද සමග ඉතාලිය බලා ගිය ජනාධිපතිවරයා අනතුරුව ජෝර්ජියාව බලා පිටත්ව ගියේ එරට ජනාධිපතිවරයාගෙන් ලැබුණ නිල ආරාධනාවක් පිළිගනිමිනි. ජෝර්ජියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ගැන ජනපති මෛත්‍රී එරට ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළේ ඔහු සමග පැවැති නිල හමුවේදීය. ජනපති නිල නිවසේ පැවැති විශේෂ ​භෝජන සංග්‍රහයකට ද ජනපති මෛත්‍රී සහභාගි වූ අතර, ජනාධිපතිවරයා සිය සංචාරය නිමවා සිකුරාදා දිවයිනට පැමිණියේය.


ජනාධිපතිවරයා දිවයිනේ නොසිටි නිසා මෙවර කැබිනට් රැස්වීම ද නොපැවැත්විණි. ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවල පසුගිය කාලය පුරාම කැබිනට් රැස්වීම් නොපැවැත්විණි. ජනාධිපතිවරයා සිකුරාදා පැමිණි නිසා මෙවර කැබිනට් රැස්වීම අඟහරුවාදා පැවැත්වෙනු ඇත.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ද මේ වනවිට ක්‍රියාත්මකය. ආසන මට්ටමේ ප්‍රතිසංවිධාන කටයුතු සියයට 60ක් 65ක්ම අවසන් බව මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් කීවේය. සිය ආසනවල ආසන බලමණ්ඩල පිහිටුවීම හැර, වෙනත් ආසනවල කටයුතුවලට ආණ්ඩුවෙන් ගිය 16 දෙනා සම්බන්ධ නොවේ. 16 දෙනාගේ කණ්ඩායමේ තර්කය වී ඇත්තේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් නොවී කරන ප්‍රතිසංවිධානය තේරුමක් නැති දෙයක් බවය.



අදහස් (0)

​වනාන්තර සමුළුවට ජනපති ඉතාලියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site