IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


මොන අභියෝග ආවත් අපි ඒවා බාරගන්නවා - අගමැති

සතිය ආරම්භයේදීම අගමැතිවරයා ඇමැති සජිත්ගේ ආරාධනයෙන් 127 වැනි උදාගම ලෙස මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක ගම විවෘත කළේ හම්බන්තොටදී ය.


දුගී ජනතාව වෙනුවෙන් සජිත් කරගෙන යන වැඩපිළිවෙළ රාජපක්ෂලාට කළ නොහැකි වූ බව පෙන්වා දුන් අගමැතිවරයා එහිදී ලෝක හා රටේ ආර්ථිකය ගැන ද කතා කළේය.


“රුසියාවට ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම හා ඇමරිකාව විසින් ඩොලර් පොලී අනුපාතය ඉහළ දැමීම නිසා ලොව සියලු රටවල මුදල් ඒකක අවප්‍රමාණ වුණා. ලංකාව ඇතුළු මුළු ලෝකයම දැන් ඒකට පිළියම් හොයනවා. රුපියල බාල්දු වෙලා යයි කෑ ගහන රාජපක්ෂලා අද බලයේ හිටියා නම් රුපියල ශක්තිමත් කරන අරුම පුදුම ක්‍රමය රටට එළිකරන්නැයි මා අභියෝග කරනවා.”, අගමැතිවරයා කීවේ දැඩි ඔල්වරසන් හඬ මධ්‍යයේය.


බ්‍රහස්පතින්දා උදේ නිවසින් උදේ ආහාර නොගෙනම අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ වසර තුනක සේවා කාලය සම්පූර්ණ කළ ප්‍රංශ හා ජපන් තානාපතිවරුන්ට සමුදීමට සුදානම් කර තිබූ උදෑසන භෝජන සංග්‍රහයට සහභාගිවීමය.


සමරු තිළිණ හුවමාරුව මෙන්ම තානාපතිවරුන් හරහා රටවල් අතර හොඳ හිත හා ආර්ථික සබඳතාව තවත් තරවූ බව එහිදී අගමැතිවරයා පෙන්වා දුන්නේ ඔවුන්ට සුබ පතමිනි. කබීර් හෂීම් හා සාගල රත්නායක යන ඇමැතිවරුද ඊට එක්වූහ.


අනතුරුව අගමැතිවරයා සිය කාර්යාලයට එනවිට මැති-ඇමැතිවරු රැසක් එහි පැමිණ සිටියහ.


“රටේ නීති ක්ෂේත්‍රය ගැන ලොව පුරා පිළිගැනීම තිබෙනවා. ඒත් ළඟදී නඩුවක විත්ති පාර්ශ්වය නියෝජනය කරන නීතිඥයෙකු නීතිපති දෙපාර්තමේන්තුවට කැඳවා එහි ප්‍රධානියෙකු හා තවත් නිලධාරීන් හතර දෙනෙකු ඔහුට තර්ජනය කර, හිරේ යන්න වේවි ආදිය කියා බිය කර තිබෙනවා. ඒ නඩුවට අදාළ තොරතුරු හා ලියකියවිලිද ඉල්ලා තිබෙනවා. කෝලිත ධර්මවර්ධන කියන නීතිඥ කණ්ඩායමේ චන්දන පෙරේරා කියන නීතිඥයාටයි, එහෙම බලපෑම් ඇවිත් තිබෙන්නේ. මේක මාර වැඩක්”, රවී කරුණානායක කීවේ අගමැතිටය.


“මටත් ආරංචියි. එහෙම කළානම් ඒක ඉතා වැරදි වැඩක් හා නරක පූර්වාදර්ශයයි. නඩුවකදී සේවාදායකයාගේ විස්තර හා ලියකියවිලි තර්ජන කර ඉල්ලන්න වෙනත් කිසිම පාර්ශ්වයකට අයිතිය නැහැ. ඒක නීති විරෝධී සදාචාර විරෝධී වගේම නීති ආචාරධර්මවලටත් පටහැණි පහත් වැඩක්”, අගමැතිවරයා කීය.


“චන්දන පෙරේරා කියන නීතිඥයා මේ ගැන පොලිස්පතිට, නීතිපතිට, අග්‍රවිනිශ්චකාරවරයාට නීතිඥ සංගම්වලට වගේම නීතිය හා සාමය ඇමැතිට හා අධිකරණ ඇමැතිනියටත් පැමිණිලි කරලාලු. නීතිඥයන්ට විතරක් නොවෙයි., සාක්කිකාරයන්ටත් තර්ජන දාලා නඩු අහන ක්‍රමයට රට ගෙනයන්න නීතිපති එකේ නිලධාරීන් ක්‍රියා කළොත් ඒක මහා ඛේදවාචකය වේවි”, රවී කරුණානායක කීය.


නීතිඥයකු වන ලක්ෂ්මන් කිරිඇල්ලද එය එක හෙළා සහතික කළේය.


”ඒ නීතිඥයාගේ පැමිණිළි ගැන අදාළ සියලු අංශවල අය දැඩි පරීක්ෂණය කළයුතු වෙනවා. මීට කලින් මහබැංකු නිලධාරියෙකු කැඳවා තර්ජන කළාම ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සම නීතිපති එකේ ඉහළ නිලධාරියෙකුට එරෙහිව ගොනුකළා. ඒ කළ නිලධාරියාම දැන් නීතිඥයන්ටත් තර්ජන දැමීම ගැන වහාම පරීක්ෂණ කළ යුතුයි”, අගමැතිවරයා දැඩි ස්ථාවරයක හිඳිමින් කීවේය.


“නීතිඥ චන්දන පෙරේරා කළ පැමිණිලිවලින් පසු අර නීතිපති නිලධාරියා එක එක අය අත පණිවිඩ එවමින් හමුවීමට හා සමථයකට කතා කරනවා කියලත් ආරංචියි. ඒත් චන්දන නීතිඥයා ඒකට යට නොවන බව කියලලු”, රවී වැඩිදුරටත් කීය.


”පසුගිය කාලේ වගේ මේ රජය නීතියට අත ගහන්නෙ නැහැ. ඒක කරන්න නීතිපති එකේ නිලධාරීන්ට ඉඩ දෙන්නත් බැහැ. නීතිපති එකට තිබෙන්නේ පොලිසිය සාක්කි විමසා එයාලට දෙන කරුණු මත පදනම්ව නඩු පැවරීම වගේ කටයුතුයි. තර්ජන දාන්නයි, නඩු විභාග කරන්නයි නීතිපති එකේ නිලධාරීන්ට බැහැ. එහෙම නම් උසාවි මොකටද? කොටින්ම ඔය චන්දන පෙරේරා කියන නීතිඥයා කැඳවා තර්ජන කරන්න තියා ප්‍රශ්න කරන්නත් නීතිපති නිලධාරීන්ට කිසිම අයිතිය නැහැ. මේ ගැන ආණ්ඩුව දැඩි ස්ථාවරයක හිඳිමින් කටයුතු කරන්නේ නීතියේ උත්තරීතර බව රැක ගැනීමටයි”, අගමැතිවරයා කීවේ නළල රැළිගන්වමිනි.


”මේ වගේ නිලධාරීන් දෙතුන් දෙනෙකු නිසා නීති ක්ෂේත්‍රය කිළිටි වෙන දේ වුණාට රටේ අධිකරණය ගැන අප තාමත් ඉහළින් විශ්වාස කරනවා. මේ වගේ අඩුපාඩු වහාම හදා ගැනීම කළ යුතුයි” ඇමැති නීතිඥ නවීන් දිසානායකගේ අදහස එය විය.


”නවීන් හරි. නීති ක්ෂේත්‍රයේ අඩුපාඩු හදා ගන්න ඕනෑ. දැන් සයිටම් නඩු තීන්දුව බලන්න. සයිටම් වෛද්‍ය උපාධිය සමත් වූ සිසුන්ගේ උපාධිය වෛද්‍ය සභාව පිළිගත්තේ නැති නිසා ඔවුන් ඇපැල් අධිකරණයට ගියා. උපාධිය පිළිගන්න කියා ඒ අධිකරණය නියෝග කළාම වෛද්‍ය සභාව ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියාම එතනිනුත් ඒ තීන්දුවම ආවා. ඒක ඉතා සාධාරණ හා යුක්තිගරුක තීන්දුවයි. සයිටම් වහන්න ක්‍රියා කළ අය සිසු පරපුරට මහා වරදක් කළේ”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“එදා කිරිඇල්ල-රාජිත ඇමැතිතුමන්ලා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සයිටම් ගැන කතා කරන විට සල්ලිවලට කහිනවා කියා විපක්ෂයේ හා ශ්‍රීලනිපයේ ඇතැමුන් මඩ ගැහුවා. ඔබතුමන්ලා දෙපළ සිසුන් වෙනුවෙන් කළේ යුක්තිගරුක සටනක් බව ශ්‍රේෂ්ඨාධිකරණයත් දැන් තහවුරු කර තිබෙනවා”, චමින්ද විජේසිරි කීවිට සියලු දෙනා එය අනුමත කළහ.


“ඩොලරය ශක්තිමත් වීම දිගටම වෙනවා. අප මේකට කෙටිකාලීන විසඳුම හොයන්න වෙනවා”, රංජිත් අලුවිහාරේ කතාව වෙන පැත්තකට යොමු කළේය.


“මෙවර ණය කන්ද අපට ගෙවන්න නොතිබුණා නම් මේ ගැටලු නැහැ. අනුන්ගෙ පව් අප ගෙවන්නේ. මේ වසරේ ඩොලර් මිලියන 3000ක් හා ලබන වසරේ මිලියන 4000ක් මහා ණය කන්ද ගෙවන්න තිබෙනවා.”


“ඩොලරය ශක්තිමත් වීම කොතනින් ඉවර වෙයිද දන්නෙත් නැහැ. මේක ලෙවල් වෙන තැනක් එනවා. විසඳුම් දෙන්න ඕනෑ එතනදීයි.


තෙල් බැරලය ඩොලර් 80-90 ට යාවි. අපනයන වැඩිකර ආනයන වියදමට යම් පාලනය කර සංචාරක ව්‍යාපාරය දියුණුකර ආයෝජන වැඩි කරන්න වෙනවා. අපේ විදේශ සංචිත දියකරලම බැහැ.


“ඉන්දියාව ඒක කර අසාර්ථක වුණා. ඉරාන තෙල් නැවතුණාම තෙල් අර්බුදයකුත් ඒවි. මොන අභියෝග ආවත් අප ඒවා බාර ගන්නවා. මහින්ද වගේ දාලා දුවන්නේ නැහැ.” අගමැති කීවේ කාගෙත් සිනා මැදය.


“ ආර්ථිකය මෙහෙයවීමේදී අපේ පැත්තෙනුත් වන අඩු පාඩු හදා ගන්න වෙනවා. ඩොලරය ශක්තිමත් වෙන්න ඒවාත් බලපෑවා”, රවී කරුණානායක කීය.


“ලංකාවේ විදුලි දුම්රිය හදන ව්‍යාපෘතියෙන් යුරෝ මිලියන 25 ක් ආණ්ඩුවේ අය පගා ඉල්ලුවා කියන කතාව මොකද්ද”? චමින්ද විජේසිරි සෘජුවම ප්‍රශ්න කළේ අගමැතිගෙනි.


“ඒක ගැනත් කරුණු සොයනවා. වසරකට ඩොලර් බිලියන 05 ක විදුලි කෝච්චි හදා මේ ලෝකේ දුවන්න තැන් නැහැ. ලංකාවේ විදේශ අපනයන ආදායමත් අවුරුද්දකට ඩොලර් බිලියන 12 යි. මේ චෝදනාව මඩක් ද ඇත්තක් ද කියා පරීක්ෂණවලින් එළිවේවි”, අගමැතිවරයා සිය ස්ථාවරය පැහැදිළි කළේය.



අදහස් (0)

මොන අභියෝග ආවත් අපි ඒවා බාරගන්නවා - අගමැති

ඔබේ අදහස් එවන්න

 

 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 575 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 830 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 674 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 492 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 429 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 394 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 17 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 533 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 639 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site