වසර පහළොවක් දිනදින ගෙවී ගිය
ලංකාරාම සයිප්‍රසයේ එළිය විය
බිහිකර ලන්න අත හිත දුන් සියලු අය
කුලඟන සමිතියේ බැතිබර ප්‍රණාමය
දම්පිං කුසල් කරනා මොහොතක් ගානේ
ළක් මෑණිගේ දරුකැල එක්රොක් වෙන්නේ
එකමුතු කමේ ගුණ මහිමය සමගින්නේ
ගිනිගත් සිත් සතන් පිංබිම තුළ නිවුනේ
සයුරෙන් එතෙර දුර ඈතක යුරෝපයේ
සයිප්‍රස් රටේ අපි වඳිනා විහාරයේ
ගුණදම් රකින දූ දරුවන් ලෙසට දැයේ
සදහම් සිසිල හදවත් තුළ පිරිල තියේ
පතපොත කියව දම් නැණ ගෙන මනාවන්
සිල්රැක දිවිය පිළිවෙත සැකසුනාවෙන්
අඳුරෙන් එළිය ලැබූ හැමගෙම සිනාවන්
ලංකාරාම පිං බිම වාසනාවන්
විමලා යාපා - සයිප්‍රස්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd