සීතල රටක මා තනි උනාවට
මගේ මව් තුමිය මා හැරදා ගියාවට
ඔබ තුළ තිබුණ ගුණ දම් හිත කියන විට
දෙනුවන් අගට දුනනේ උණු කුඳුළු කැට
ඔබ හැර දමා මා මෙහි ආවත් අම්මේ
මගේ පොඩි දියණි ඔබ රැක ගත්තා අම්මේ
අට ලෝ දහම ගැන බුදු ගුණ කී අම්මේ
නොපෙනී ඔබ ගියා දුර ඈතක අම්මේ
හීනේ ඔබේ රුව මා දකිනවා අම්මේ
සුදු දුව කියා මා අමතන මගේ අම්මේ
අනියත ලොවේ සැනසීමක් නැහැ අම්මේ
ඔබ ගිය තැනට මාවත් ගෙන යනු අම්මේ
අඹන්පොළ ජයවි කුසුම් දිසානායක
මිලානෝ, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd