මගේ අඳුර නසා
නුඹ වඩින තුරා
සිටියෙමිය බලා
ෙදාර කවුළු අරා
දුර ගමන් ඇවිත්
මුළු ලොවම සරා
සැතපෙන්න ඉතින්
මට තුරුළු වෙලා
සෙනෙහසින් වෙලී
සිත මවන රටා
නුඹ සොඳුරු නොවෙද
මුළු ලොවට වඩා
අද මෙන්ම හෙටත්
ඉමි අහස බලා
නුඹ නොමැති ලොවක්
මට නොමැති නිසා
නදීරා රෝෂණී නල්ලපෙරුම
රියාද් සවුදි අරාබිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd