දෙදහස් විස්ස නව අවුරුදු ගමන් මගේ
පියුමන් පිපේවා පින්බර දෙරණෙ මගේ
ආසිරි පුදන්නට සිතුවිලි සිතට නැගේ
නව අවුරුද්ද සුබවේවා පැතුම මගේ
තෙවරක් බුදුන් වැඩි මගෙ පින්බර රටට
නිබඳව ලැබෙනවා සිරි දළදා පිහිට
ආසිරි පතමි කිරි ඉතිරේවා රටට
එළැඹෙන අවුරුද්ද සුබවේවා සැමට
දුප්පත් දනන්ගේ දුක්ගිනි නිමවෙන්නයි
ගොවිතැන් බත් සරුව අටු කොටු ඉතිරෙන්නයි
කඳුළින් පිරුණු නෙත් සතුටින් හිනැහෙන්නයි
මගේ පැතුම ලැබු අවුරුදු සුබවෙන්නයි
වාද බේද දුරැලා පා සිනාවන්
අත්වැල් බැඳගනිමු සමගිව එකාවන්
දුරුවී අඳුර පහවී කළු වළාවන්
නව අවුරුද්ද සැමටම වාසනාවන්
සොම්නස සතුට සාමය ලොව පැතිරේවා
දුක්මුසු පුවත් අප දෙසවන නොඇසේවා
තෙරුවන් බෙලෙන් මගෙ මවුබිම සුරැකේවා
දෙදහස් විස්ස නව අවුරුදු සුබවේවා
ප්‍රේමා කංකානම්ගේ රෝමය - ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd